Top News

ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අමෙරිකානු අධිකරණයෙන් අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක්…

(0)Comments | May 29, 2025 8:46 am

‘NEXT’ ඇඟලුම් කම්හලේ හදිස්සි වසාදැමීම ගැන විශේෂ සාකච්ඡාවක්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ. කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත. ‘NEXT’ ඇඟලුම් කම්හල වසාදැමීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී…

(0)Comments | May 28, 2025 4:56 pm

චීනයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් දිවයිනට

30 දෙනෙකුගෙන් සමන්විත චීනයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙරටට පැමිණ සිටී. පෞද්ගලික අංශය සදහා චීන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය නියෝජනය කරමින් මෙම පිරිස මෙරටට පැමිණ ඇත. චීනයේ ෂැංහැයි, බීජිං, ෂැංඩොන්ග්, නැංජින්, ගුංඩොන්ග් සහ චන්දු වැනි වානිජ නගරයන් කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති. අද (28) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී…

(0)Comments | May 28, 2025 4:36 pm

ශ්‍රී ලංකාව තුළ BYD වාහන සඳහා ඉල්ලුම දිනෙන් දින ඉහළට

BYD ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොලේ සිය පැවැත්ම තහවුරු කරමින් තවත් ඉදිරියට ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඉතා කෙටි කාලයක් තුළ මෙරට මෝටර් රථ වෙළෙඳපොලෙහි සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත්ව සිටියි. 2025 මුල් භාගයේදී ආනයන සීමාවන් ඉවත් කළ පසු BYD හි ඉලෙක්ට්‍රික් (EV) හා plug-in hybrid මෝටර් රථ…

(0)Comments | May 28, 2025 3:53 pm

අද වෙන්දේසියේ දී බිල් පොලියේ කැපීපෙනෙන පහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (28) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් පොලිය 7.65% සිට 7.55% ක් දක්වා පදනම් අංක 10කින් සහ දින 182 බිල්පත් පොලිය 7.97% සිට 7.77% දක්වා පදනම් අංක 20කින් පහළ ගොස් තිබේ. මේ අතර…

(0)Comments | May 28, 2025 3:05 pm

ආර්ථිකය 2018 මට්ටමට එන්න තව අවුරුදු දෙක තුනක්වත් යාවි – මහ බැංකු සහකාර අධිපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. ‘2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය‘ මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ප්‍රසිද්ධ දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය….

(0)Comments | May 28, 2025 2:23 pm

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය තායි ගුවන් සමාගම් සඳහා සේවා සැපයීමට CAAT සහතිකය හිමිකර ගනී

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය (SriLankan Engineering) , තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් (Approved Maintenance Organization) ලෙස සහතික කර ඇත. මෙම සුවිශේෂී සහතිකය සමඟින් තායිලන්තයේ ලියාපදිංචි ගුවන් යානා ක්‍රියාකරුවන්ට…

(0)Comments | May 28, 2025 1:50 pm

ජනපති ප්‍රධානත්වයෙන් අපනයන කර්මාන්තයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක්

අපනයන අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් පිළිබඳ අවධානය අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව සිටී මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගනිමින් අපනයනය ප්‍රමුඛ…

(0)Comments | May 28, 2025 1:42 pm

අවුරුදු 4කදී ජීවන වියදම දෙගුණයක් වෙලා

මෙරට පුද්ගලයින්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව 2024 වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ 2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව ඊයේ (27) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රසිද්ධ දේශනයකදී යි. කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව…

(0)Comments | May 28, 2025 1:17 pm

චීනයේ BYD වාහන මිල 30%කින් පහළට. ලංකාවේ මිලට වෙන දේ ගැනත් අනාවරණයක්

චීනයේ BYD මෝටර් රථ මිල ගණන් 10% සිට 30% ක් දක්වා ප්‍රමාණයකින් පහළ දැමීමට BYD සමාගම පසුගිය දා තීරණය කර තිබුණි. මේ අතර ඊයේ (27) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී BYD Auto Industry Co හි Asia-Pacific Auto Sales Division සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකරන ලදී. ඒ චීනයේ BYD වාහන මිල ගණන්…

(0)Comments | May 28, 2025 12:02 pm