Top News

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ”

රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ…

(0)Comments | May 28, 2025 9:15 am

ICTA ඈවරයි. මීළඟට GovTech

2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ…

(0)Comments | May 28, 2025 6:05 am

කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 18.7ක දැවැන්ත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් අද දිනයේ දී රු. බිලියන 18.7ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එසේම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 161.39කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,667.63 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 77.17 කින් ඉහළ ගොස් ඒකක 4,916.11ක් ලෙසින් සටහන් වී තිබුණි. අද…

(0)Comments | May 27, 2025 3:38 pm

ලංවා රු. බිලියන 13.9කට HNB බැංකුවේ වැඩි අයිතිය අත්පත් කරගනී

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉතිහාසයේ නවතම මංසලකුණක් සනිටුහන් කරමින් අද (27) පෙරවරුවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සතුව තිබූ හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) 9.99% ක කොටස් ප්‍රමාණයක් සිලෝන් ස්ටීල් කෝපරේෂන් (ලංවා) විසින් අත්පත් කර ගෙන ඇත. මෙහි දී කොටසක් රු. 305.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,317,177ක් ගනුදෙනු වී ඇති අතර එම ගනුදෙනුව හරහා රු. බිලියන…

(0)Comments | May 27, 2025 2:23 pm

TEMU පාර්සල් බෙදාහැරීමේ ප්‍රමාදය පිළිබඳ CPEX සමාගම කරුණු පැහැදිලි කරමින් නැවත බෙදාහැරීම් ආරම්භ කළ බව තහවුරු කරයි

CPEX Sri Lanka යනු TEMU සමාගමේ භාණ්ඩ බෙදාහැරීමේ නිල ඒජන්ත සමාගම වන අතර, මෑතකදී සිදු වූ භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අද දින ප්‍රකාශයක් නිකුත් කරමින්, එහි වර්තමාන තත්ත්වය පිළිබඳ මෙලෙස කරුණු දැක්වීමක් සිදු කර ඇත. මැයි මාසයේ මුල් සති තුන තුළ, අවසන් බෙදාහැරීමේ අදියරට සම්බන්ධ දේශීය බෙදාහැරීම් හවුල්කරුවෙකුගේ කාර්ය සාධනය සිදු නොවීම හේතුවෙන් ඇති වූ…

(0)Comments | May 27, 2025 2:04 pm

බොරතෙල් නැව් තොග 04ක් ගන්න කොන්ත්‍රාත්තුව දුන් සමාගම මෙන්න

2025‑09‑01 දින සිට 2025‑12‑31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 04ක් මිල දී ගැනීම පිණිස ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සිංගප්පූරුවේ BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස…

(0)Comments | May 27, 2025 12:17 pm

කැන්විල් හෝල්ඩින්ග්ස් ගැන රජය තීරණයක් ගනී

2011 වසරේ දෙසැම්බර් මාසයේදී සංචාරක/ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම ස්ථාපනය කරනු ලැබ ඇත. එම සමාගමේ ආයෝජනයක් වන ‘ග්‍රෑන්ඩ් හයිට්, කොළඹ’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සිනෝලංකා හොටෙල් ඇන්ඩ් ස්පා (පුද්ගලික) සමාගම ස්ථාපිත කර තිබේ. ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩසටහන’ යටතේ කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීම සඳහාත්, එකී කාර්යය සඳහා…

(0)Comments | May 27, 2025 12:14 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ගනුදෙනුවක්. ලංකාවේ ලොකුම බැංකුවක අංක එකේ කොටස්හිමියා වෙනස්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ අංක එකේ කොටස් හිමියා වන BROWNS INVESTMENTS PLC සිය කොටස් හිමිකාරීත්වය අද (27) පෙරවරුවේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ. කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ BROWNS INVESTMENTS PLC සතුව පැවති හැටන් නැෂනල් බැංකුවේ 45,317,177 ක කොටස් ප්‍රමාණයක් ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් ලෙසින් අද (27) දිනයේ දී හුවමාරු…

(0)Comments | May 27, 2025 11:41 am

හම්බන්තොටින් වාහන 9,151ක් ඇවිත්

2025 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා භාවිතා කළ සහ අලුත්ම වාහන 9,151 කට වඩා වැඩි ප්‍රමාණයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙරටට ඇතුළු වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසන්නේ, මේ සමගම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ බාධක අවම කරමින් වාහන නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ පද්ධති වැඩිදියුණු…

(0)Comments | May 27, 2025 11:13 am

මාස 5ක් තුළ සංචාරකයින් මිලියනයක් දිවයිනට

2025 වසරේ මැයි 25 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී මිලියනය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත. ඒ අනුව මේ වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,006,097ක් ලෙසයි. 2024 වසරේ විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය…

(0)Comments | May 27, 2025 10:07 am