Top News

ජාතික උද්ධමනය 2.7% ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.1% ක් ලෙසිනි. සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | November 21, 2025 3:13 pm

මහජන චීනයේ ධාරිතා සංවර්ධන වැඩසටහනට සහභාගී වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන් පිළිගැනේ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා අර්ධ-රාජ්‍ය ආයතනවල නිලධාරීන් 800කට අධික පිරිසක් වාර්ෂිකව මහජන චීනයේ ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වන අතර, මෙම වසරේ එම වැඩසටහන්වලට සහභාගී වූ නිලධාරීන්ගේ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සවස නෙළුම් කුලුන මූන්වෝක් උත්සව ශාලාවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ China Aid Training Alumni Association එක්ව සංවිධානය කළ මෙම උත්සවයට ශ්‍රී…

(0)Comments | November 21, 2025 2:08 pm

චීන නියෝජිත පිරිසක් වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට

චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මැතිතුමා විසින් දූත පිරිස පිළිගෙන ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, අපනයන සංවර්ධන ඉලක්ක හා එහි දිශානතිය, දේශපාලන ස්ථාවරත්වය සමඟ ඇති…

(0)Comments | November 21, 2025 1:16 pm

රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව සැලකිල්ලෙන් බලන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් පසුගිය අගෝස්තු 28 දින නිකුත් කරන ලද රුපියල් 2000 වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳ නිවේදනයක් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මහ බැංකුව සඳහන් කර සිටින්නේ, මුදල් නෝට්ටුව හරහා ආලෝකය ගමන් කරන ලෙස අල්ලාගෙන කඩුව රැගත් සිංහයා සහිත දිය සලකුණ, මුදල් නෝට්ටුව හරහා…

(0)Comments | November 21, 2025 12:00 pm

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය හා ශ්‍රී ලංකා රජය, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ තිබේ. මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරනු ලබයි. මීට අදාළව ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | November 21, 2025 11:22 am

දින 5කට පසු කොටස් වෙළෙඳපොළට අස්වැසිල්ලක්

අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 75.10කින් ඉහළ ගොස් ඒකක 23,104.96ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 20.60කින් ඉහළ ගොස් ඒකක 6,382.18ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 118ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට…

(0)Comments | November 20, 2025 4:30 pm

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආනයන හා අපනයන භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ යෝජිත රේගු ආනයන හා අපනයන භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද(20) සිදු විය. මාස 5/6ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර 2026 අප්‍රේල් වන විට මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් කූ මහතා මෙහි දී කියා සිටියේ 2027 වන…

(0)Comments | November 20, 2025 3:44 pm

මාස 20කට පසු ඩොලරය රු. 308 අභිබවයි

විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් ක්‍රමිකව අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කරමින් පවතී. ඒ අනුව අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.44 ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල රු. 312.00ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස…

(0)Comments | November 20, 2025 1:18 pm

Macksons Solar, ශ්‍රී ලංකාවේ විශාලතම වහල මත ස්ථාපිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සමඟින් බලශක්ති ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරයි

Macksons Solar, Macktiles සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දක්වමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. බණ්ඩාරගම Macktiles Lanka (Pvt) Ltd කර්මාන්තශාලා සංකීර්ණයේදී එම එළිදැක්වීම සිදු කරන ලදී. megawatt 10ක බලශක්ති සැපයුමක් ලෙස ස්ථාපනය කරන ලද මේ සඳහා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සූර්ය පැනල් 18,000 කට අධික…

(0)Comments | November 20, 2025 11:51 am

අලුත් ‘පිරමීඩයක්‘ ගැන මහ බැංකුව අනතුරු අඟවයි

SGO/sgomine.com”, තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගෙන තිබේ. පුද්ගලයන් බඳවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගිවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ…

(0)Comments | November 20, 2025 11:10 am