හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ සමාගමේ 51.11% ක පාලක කොටස් හිමිකාරීත්වය ස්වෙච්ඡා අර්පණයක් (voluntary offer) හරහා අත්පත් කර ගැනීම සඳහා තවත් ලැයිස්තුගත සමාගමක් වන ඇම්බියන් කැපිටල් පීඑල්සී පිඹුරුපත් සකස් කර තිබේ. ඒ සිය අනුබද්ධිත සමාගමක් වන Ambeon Essentials (Private) Limited හරහා ගිවිසුමකට එළඹීමෙනි. මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතියට යටත් වනු ඇත. ඒ…
කොට්ටාවේ පිහිටි ආර් ඩී මීඩියා අර්නිං හබ් නම් සමාගමක් විසින් මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් තැන්පතු රැස් කර ඇති බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී. ඒ අනුව අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හට, 1. ඇප තැන්පත්, ආයෝජන ගිවිසුම් නික්තු කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු…
සෙලාන් බැංකුව මෑතකදී සූර්යශක්ති (පුද්ගලික) සමාගම විසින් මඩකලපුවේ නාවට්කාඩු ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සූර්ය බලාගාරය සඳහා මූල්‍ය හවුල්කරු ලෙස කටයුතු කළේය. සූර්යශක්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගම් දෙකක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (Windforce PLC) සහ විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) විසින් ඒකාබද්ධව හිමිකාරීත්වය දරනු ලබන සමාගමකි. නව බලාගාරය විවෘත කිරීමේ පසුගියදා මඩකලපුවේ නාවට්කාඩු හිදී,…
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (26) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි. ඒ අනුව අද උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල පෙර දිනයට සාපේක්ෂව රු. 12,000කින් ඉහළ…
දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය Rebuilding Sri Lanka වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන…
නව දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ, කොළඹ වරාය නගරය නව මූල්‍ය හා වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට කටයුතු කරන බවත්, එහිදී විදෙස් ආයෝජකයින් හට වසර 15ක් දක්වා බදු විරාම ලබා දීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. Gulf News පුවත් සේවය වෙත මේ බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්…
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, සමස්ත ක්‍රිකට් ලොවම පුල පුලා බලා සිටි ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නිමිති කරගනිමින්, සිය පාර්ශ්වකරුවන් සහ ක්‍රීඩාලෝලීන් ඒකරාශි කරගත් අභිමානවත් උත්සවයක් පවත්වන ලදී. ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉකුත් වසර ගණනාව පුරා නොසැලෙන කාර්යභාරයක නිරත වී සිටින ඩයලොග් සමාගම, විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය…
ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (International Finance Corporation – IFC) විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 166ක ආයෝජන වැඩසටහනක් අද (25) දින නිවේදනය කළේය. ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර වර්ධනය දක්වා රට පරිවර්තනය වීම වේගවත් කිරීම වෙනුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව විසින් මෙම ආයෝජනය සිදුකරනු ලැබේ. මෙය ලෝක බැංකු…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී ඩොලර් බිලියන 1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ඉක්මවා යමින් එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යක් වෙත පැමිණ ඇත. 2024 වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමක් නියෝජනය කරමින් 2025 වසර සඳහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 1,057 ලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයයන් වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී කැපීපෙනෙන කාරණය වූයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණීමයි. කෙසේවෙතත් දිනය නිමාවේ දී එහි අගය ඒකක 23,956.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.74ක ඉහළ…
Video Story