Top News

හෝමාගම, කඩුවෙල, පන්නිපිටිය, පිළියන්දල ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහළට

LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක…

(0)Comments | January 23, 2026 2:41 pm

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 24,000 මට්ටමට පැමිණෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී. අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි.

(0)Comments | January 23, 2026 1:38 pm

හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන හා ජනපති අනුර අතර හමුවක්

හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ…

(0)Comments | January 23, 2026 11:15 am

Rebuilding Sri Lanka වැඩසටහනට ලැබී ඇති දෙස් විදෙස් ආධාර රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් අද (23) දිනය වන විට රුපියල් බිලියන 8.5 ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…

(0)Comments | January 23, 2026 10:29 am

ලෝක රන් මිල ඩොලර් 4,900 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, අද (23) පෙරවරුව වන විට රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන්ව ඇති බවයි. එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ. මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල,…

(0)Comments | January 23, 2026 9:36 am

නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද  රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හරහා කැපවෙනු ඇත. නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හදුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ…

(0)Comments | January 23, 2026 8:53 am

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය

චීන – ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පෙරවරුවේ පැවැත්විණි. චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ගැටලු විසඳමින් ඵලදායීතාව…

(0)Comments | January 23, 2026 8:32 am

දත්ත මත පදනම් වූ ඩිජිටල් කෘෂිකර්මාන්තයක් සදහා ශ්‍රී ලංකාව ඉදිරි පියවර තබයි

කෘෂි ව්‍යවසාය භෞතික රාමුව (Agriculture Enterprise Architecture Framework), කෘෂිකාර්මික අන්තර් මෙහෙයුම් ශක්‍යතා රාමුව (Agriculture Interoperability Framework), දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්ති සහ භෝග දත්ත හා තීරණ ගැනීම සඳහා වූ ජාතික ඩිජිටල් වේදිකාව වන CROPIX පද්ධතිව නිල වශයෙන් එළිදැක්වීමත් සමඟ, ශ්‍රී ලංකාව අද (22) දින සිය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනීය පියරවරක් ඉදිරියට තැබීය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…

(0)Comments | January 22, 2026 3:16 pm

‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඊට අදාළ චෙක්පත කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.

(0)Comments | January 22, 2026 1:52 pm

හේලීස් අතුරු ලාභාංශයක් සහ හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2026 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී එක් කොටසක් වෙනුවෙන් රු. 6ක ලාභාංශයක් නිවේදනය කර ඇත. මේ අතර මීට සමගාමීව සමාගම විසින් රු. බිලියන 9ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් ද ප්‍රකාශයට…

(0)Comments | January 22, 2026 11:08 am