ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ශ්‍රී ලංකාවට ඇ. ඩො. මිලියන 300 ක මූල්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් වූ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(17) කොළඹ භාණ්ඩාගාරයේ දී සිදු විය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ADB ශ්‍රී ලංකා නේවාසික මෙහෙවරේ දේශීය අධ්‍යක්ෂ…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (18) පෙරවරුව වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.15 ක් ලෙසත් විකුණුම් මිල රු. 310.85ක් ලෙසත් වාර්තා වී තිබේ. අද දින එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 307.89 ක් ලෙසින් සටහන්ව ඇත. ඊයේ (17) දිනයේ දී ඩොලරයේ මෙම අගය වාර්තා වූයේ රු….
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශය ඊයේ (17) දින ප්‍රකාශයට පත්කරන ලදී. ඊට අනුව 2025 තෙවන කාර්තුවේ මණ්ඩලයේ ලාභය රු. බිලියන 3.58ක් ලෙසින් සඳහන් වේ. මෙය 2024 තෙවන කාර්තුවේ දී මණ්ඩලය වාර්තා කර තිබූ රු. බිලියන 24.58ක ලාභය හා සැසඳීමේ දී 85%ක දැවැන්ත පහළ යාමක් වේ. එසේම…
2026 APEX සම්මාන උළෙලේ දී මධ්‍යම/දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන (Best In Food and Beverage) සඳහා වූ සම්මානය දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. එය ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ සම්මානයක් වන අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර හා දේශීය රසයන්ගෙන් පිරි විවිධාංගීක ආහාර මෙනුවේ උසස් ගුණාත්මකභාවය වෙනුවෙන් මෙම…
2025 ඔක්තෝබර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 61.0ක අගයක් වාර්තා කළේය. මෙම වැඩිවීම පුළුල් පදනමක් මත සිදුවූ අතර සියළුම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක විය. සේවා අංශයෙහි…
හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා ධනාත්මක මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇත. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය (PAT) රු. බිලියන 34.7ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 47%ක වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 42% කින් වර්ධනය වී රු. බිලියන 31-5ක් බවට පත් වී ඇත. මෙම…
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සියලුම ව්‍යාපාරික අංශ හරහා රුපියල් බිලියන 32.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.4% ක වර්ධනයකි. සමූහයේ මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශයේ…
2025 තුන්වන කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 268.49 ක දළ ආදායමක් සහ රුපියල් බිලියන 103.48 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කර ඇති අතර ණය පොතේ 34.60% ක ශක්තිමත් වර්ධනය සහ පොලී වියදම් සීමා කිරීම මෙම ප්‍රශංසනීය කාර්ය සාධනයට දායක වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර…
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත්ව ඇති බවට වාර්තා වෙයි. අද (17) පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ප්‍රංශය ජාතික යුවළකගේ පැමිණීමත් සමඟ මෙලෙස සංචාරක පැමිණීම විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත් වී ඇත….
ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentic AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වන Agentri AI එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන්…
Video Story