ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේයේ සාර්ථකත්වය 35%ක් පමණක් බව වාර්තා වේ. එහිදී වෙන්දේසිය සඳහා රු. මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 102,413ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි. කෙසේවෙතත් එහිදී ලංසු අනුමත කර ඇත්තේ රු. මිලියන 27,209ක භාණ්ඩාගාර බිල්පත්…
අද පස්වරු 1.30 පමණ වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන් දිනයේ දෙවන වරටත් ඉහළ යාමක් වාර්තා කර තිබෙන බව දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon සමාජ මාධ්‍ය පවසයි. එහිදී ඉතිහාසයේ පළමු වරට කැරට් 22 රන් පවුමක මිල රු. 351,500ක් දක්වාත්, කැරට් 24 රන් පවුමක මිල රු. 380,000ක් දක්වාත් ඉහළ ගොස්…
ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව, සංචාරකයන්ට වීසා…
ඇ.ඩො. බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යංශයේ දී මුණගැසුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ…
වොයේජ් ශ්‍රී ලංකා 2025 සමුද්‍රීය සමුළුවට සමගාමීව, ඉන්දියාව, සෞදි අරාබිය, ඔමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් පැමිණි විදේශීය ආයෝජකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔක්තෝබර් 15 වන දින කොළඹ වරාය සහ වරාය නගරය නිරීක්ෂණය කළහ. සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇති හැකියාව සහ අවස්ථා ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.සමුද්‍ර…
මෙම වසරේ ඔක්තෝබර් 12වන දින දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,788,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි නවතම දත්ත වාර්තාවලට අනුව ඔක්තෝබර් මාසයේ පළමු දින 12 තුළ දී 62,741ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 12 තුළ 18,299ක වැඩිම…
ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් 2025 පළමු මාස 09 තුළ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1,415.9ක් මිල දී ගෙන ඇති වාර්තා වේ. එහිදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,479.2ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 63.3ක් විකුණා දමා තිබේ. 2025 වසරේ එක් එක් මාසය තුළ දී මහ බැංකුව…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යන ලදී. මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලුත් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,372.57 ක් දක්වා ඉහළ ගිය අතර…
වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025‑05‑26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03ක්…
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ. කොලොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සඳහා අතිනවීන පිරවුම් පහසුකම්…
Video Story