Top News

අති විශ්වසනීය ගමනකට Chetak නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන අංශය වන ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris E-Mobility) විසින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් බජාජ් Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට වෙළෙඳ පොළට යළි හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණි. 1978 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද Bajaj Chetak සන්නාමය, දශක හතරකට…

(0)Comments | January 22, 2026 10:52 am

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයන උපායමාර්ගික ප්‍රමුඛතා සහ වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා දූත මණ්ඩලවල කාර්යභාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ…

(0)Comments | January 22, 2026 10:35 am

සංචාරක කර්මාන්තය ලෝකයට බලපෑම් කළ හැකි මෙවලමක්, Davos හි ගෝලීය සංසදය අමතමින් අගමැති පවසයි

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව 2026 ජනවාරි 20 වන දින Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය. සංචාරක ප්‍රවේශය සහ ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුවමාරුව සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරගත…

(0)Comments | January 22, 2026 8:41 am

ජාතික උද්ධමනය යළි ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 දෙසැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.9% ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2025 නොවැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.4% ක් ලෙසයි. නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ…

(0)Comments | January 21, 2026 3:56 pm

කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරමින් ASPI සහ S&P SL20 ඉතිහාසගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා නැවත අලුත් කරමින් ප්‍රධාන මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (21) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණීමට සමත්වීම විශේෂත්වයකි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 182.58කින් ඉහළ ගොස් ඒකක 23,806.32 ක් ලෙසින් සටහන් වූ අතර දෛනික ගනුදෙනු අවසානයේ දී…

(0)Comments | January 21, 2026 3:53 pm

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 49.9% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2025 තෙවන කාර්තුවේ දී 49.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර සිටී. මෙම ප්‍රමාණයෙන් 68.6%ක් පිරිමි පුද්ගලයින් වන අතර 33.9% ක් කාන්තාවන් වේ. 2024 තෙවන කාර්තුව වන විට 46.9% ක් ලෙසින් දැක්වුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය මෙලෙස මාස…

(0)Comments | January 21, 2026 2:40 pm

ලෝක රන් මිල ඩොලර් 4,800 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයට පැමිණෙයි

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (21) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මේ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වාර්තා වනුයේ ඩොලර් 4,843.67ක් ලෙසයි. ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි.

(0)Comments | January 21, 2026 10:52 am

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 – 2030 පිළිබඳ ජාතික උපදේශන සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමුළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. රටේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ජාතික ආයතනය ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන මත පදනම් වූ ආර්ථික පරිවර්තනයට මඟ පෙන්වීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මේ…

(0)Comments | January 21, 2026 10:34 am

අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි

ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති  ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ  ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව…

(0)Comments | January 21, 2026 9:48 am

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ. 2026 ජනවාරි මස පළමු…

(0)Comments | January 21, 2026 8:18 am