Top News

කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අද යළි ලියැවෙයි

ඉතිහාසය නැවත නැවතත් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කාර්යසාධනයෙහි වාර්තාගත වර්ධනයක් අද (30) දිනයේ දී ද දැක ගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ යන ලදී මේ අතර අද…

(0)Comments | December 30, 2024 3:42 pm

ඉහළ ගිය වේගයෙන්ම ඩොලරය යළි පහළට

පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් වටිනාකමෙහි හදිසි ඉහළ යාමක් වාර්තා වුව ද මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. 2024 දෙසැම්බර් 26 දින වන විට රු. 296.48 ක් දක්වා ඩොලරයේ මධ්‍ය අගය ඉහළ ගොස් තිබුණු අතර අද (30) වන විට එය රු. 292.75 ක් දක්වා පහළ…

(0)Comments | December 30, 2024 12:33 pm

Asia Siyaka Commodities පොහොර සමාගමක බහුතර අයිතිය අත්පත් කරගනී

AgriOne Solutions (පුද්) සමාගමේ 55.87% ක කොටස් අයිතිය අත්පත් කරගැනීමට මෙරට ලැයිස්තුගත සමාගමක් වන Asia Siyaka Commodities PLC කටයුතු කර තිබේ. මෙහිදී AgriOne හි කොටස් මිලියන 178.5 ක් වෙනුවෙන් රු. මිලියන 178.5 ක් ආයෝජනය කිරීමට Asia Siyaka Commodities PLC කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අතර තවත් රු. මිලියන 76.5 ක් ඉදිරියේ දී AgriOne…

(0)Comments | December 30, 2024 11:17 am

අපි ප්‍රමාදයි – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

වත්මන් රජයේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිඳු අවබෝධයක් නොමැති බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. අද ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩ සටහනට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය. ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ එදිනෙදා ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ…

(0)Comments | December 27, 2024 5:00 pm

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,500 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (27) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ඒකක 15,500 සීමාව පසුකර යෑමට සමත් විය. ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.07කින් ඉහළ ගොස් ඒකක 15,535.60ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව 0.88% ක ඉහළ යාමකි. මේ අතර S&P…

(0)Comments | December 27, 2024 4:58 pm

මීළඟ ඉලක්කය BBB විය යුතුයි – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරමින් පසුගිය දා සඳහන් කරේ ශ්‍රි ලංකාව RD මට්ටමේ සිට, CCC+ මට්ටම දක්වා පැමිණ ඇති බවයි. අද ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩ සටහනට එක් වෙමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසා සිටියේ වර්තමාණයේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම තුළ මේ…

(0)Comments | December 27, 2024 3:12 pm

ඊශ්‍රායලයෙන් එන සංචාරකයින්ගේ වැඩිවීමක්

සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන් ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ, ඊශ්‍රායල ජාතිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර එම ප්‍රදේශයට එන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අනාවරණය විය. ඒ ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින්, එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට සංචාරක…

(0)Comments | December 27, 2024 1:14 pm

අඛණ්ඩව 22වෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට. සියලු කොටස් 15,400 ඉක්මවයි. පිරිවැටුම බිලියන 7 පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරනු ලැබීය. ඒ ඉතිහාසයේ පළමු වරට ඒකක 15,400 සීමාවට පැමිණෙමිනි. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 15,400.53 ක් ලෙසින් සටහන් වුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.53% ක…

(0)Comments | December 26, 2024 4:44 pm

පුද්ගලික වාහන ආනයනය ගැන අවසන් තීරණය ටික දවසකින් – නි. ඇමති සූරියප්පෙරුම

පුද්ගලික වාහන ආනයනයට අදාළ අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට අවසානයකට පැමිණ නොමැති බවත්, නුදුරේ දීම එම තීරණය ගන්නා බැවින් නොබෝ දිනකින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි. අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. “ඒ…

(0)Comments | December 26, 2024 4:20 pm

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී…

(0)Comments | December 26, 2024 4:06 pm