ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත 2024 වසරේ දී සුවිශේෂී කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ පසුගිය වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක පර්යන්ත සහ සෙසු පර්යන්ත සමස්තයක් ලෙස අඩි 20 බහාලුම් (Twenty-foot Equivalent Units -TEUs) මිලියන 7.78 ක ප්‍රමාණයක් හසුරුවා ඇති බවයි. එහිදී ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා යන ලදී. ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94 කින් ඉහළ ගොස් ඒකක 16,348.55 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 2.53% ක වර්ධනයක්…
2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින් 2024 වසර තුළ සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2018 වසරේ මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි. 2023 වසර හා සැසදීමේ දී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 7කට ආසන්න සැලකිය යුතු වර්ධනයක් දැක ගත…
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස වින්ධ්‍යා ජයසේකර මහත්මිය පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ 2025 ජනවාරි 01 වන දින සිට වින්ධ්‍යා ජයසේකර මහත්මිය එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කර ඇති බවයි. මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රජීව බණ්ඩාරනායක මහතා වසර 11 ක සේවා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ ආරම්භක දිනය වන අද (01) දින රු. මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 405,775 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි. කෙසේ වෙතත් එහි දී ඉදිරිපත් කළ ලංසු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් එනම් රු….
දේශීය ටයර් නිෂ්පාදකයා නඟා සිටුවීමටත්, පාරිභෝගිකයින් වෙත සහනදායී මිලකට, නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබා දීම අරමුණු කොට, දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වීය. දේශීයව නිෂ්පාදනය කරන්නා වූ ටයර් රට තුල තිබියදී රටේ ධනය ඩොලර් මිලයන ගණනක් වැය කොට ටයර්…
2025 නව වසර උදාවත් සමඟ හොංකොං සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කරනු ලැබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ‘කාල තරණය’ කරනු ලැබූ අපූරු පුවතක් වාර්තා වෙයි. එහි දී සිදු ව ඇත්තේ 2025 වසරේ දී හොංකොං සිට පිටත් වූ ගුවන් යානයක් 2024 වසරේදී ලොස් ඇන්ජලීස් වෙත ගොඩබැසීමයි. තම ගුවන් ගමන අතරතුර ජාත්‍යන්තර දින රේඛාව…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ බැංකු නිවාඩු දින ලේඛනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙම වසරේ බැංකු නිවාඩු දිනයන් පහත පරිදි වේ. ජනවාරි 13, සඳුදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. ජනවාරි 14, අඟහරුවාදා දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. පෙබරවාරි 04, අඟහරුවාදා නිදහස් සමරු දිනය බැ.ර.වෙ. පෙබරවාරි 12, බදාදා නවම් පුර පසළොස්වක පෝය…
මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතයේ සන්නාම තානාපති ලෙස දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පත්කරයි මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු…
2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. 2024 වසරේ අග භාගයේ දී යම් විචලතාවක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණි. 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා…
Video Story