Top News

සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම රු. ට්‍රිලියන 4 ඉක්මවයි

මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 වසරේ දී රු. ට්‍රිලියන 4 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (08) පෙරවරුවේ, 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය. මේ අතර අද දින එළිදක්වන…

(0)Comments | January 8, 2025 2:10 pm

2024 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

2017 වසරේ සිට වාර්තා කළ ඉහළම වාර්ෂික වර්ධනය 2024 වසරේ පළමු කාර්තු තුන තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.2% ක වර්ධනයක් ඇස්තමේන්තු කර ඇති බවත්, ආර්ථික ක්‍රියාකාරකම්වල පැවති වර්ධනය තවදුරටත් පවත්වා ගෙන යමින් 2024 සමස්ත වසර තුළ 5% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි පුරෝකථනය කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025…

(0)Comments | January 8, 2025 1:36 pm

“Gem Sri Lanka – 2025” ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ. “Gem Sri Lanka – 2025″ මැණික් හා ස්වර්ණාභරණ…

(0)Comments | January 8, 2025 1:27 pm

මෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ ජනපති සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා

වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ…

(0)Comments | January 8, 2025 9:21 am

හර්ෂගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය (06) දා, එහි අභිනව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂය නියෝජනය කරමින් කාරක සභා සභාපතිධූරයට, තේරීම් කාරක සභාව විසින් පත්කරගන්නා ලදි. සභාපතිවරයා විසින් කාරක සභාවේ ඉදිරි වැඩකටයුතු සහ කාර්යයන් පිළිබඳව මෙන්ම පසුගිය කාරක සභා…

(0)Comments | January 8, 2025 6:37 am

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සේවා දැන් ඔන්ලයින්

දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට‍ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතික කිරීම පිණිස, රජය විසින් ජාතික තනි කවුළු (Single Window) පහසුකමෙහි වැදගත්කම හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති කටයුතුවල ප්‍රගතිය අදාළ පාර්ශව සමඟ හුවමාරු කරගැනීම සඳහා මෑතක දී පවත්වන ලද රැස්වීමේ දී,  2025 ජනවාරි 01 වැනි දින…

(0)Comments | January 7, 2025 5:50 pm

තෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ බසී

අඛණ්ඩව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (07) දිනයේ දීද දක්නට ලැබුණි. 2025 ජනවාරි 02 දින දක්වා අඛණ්ඩව ගනුදෙනු දින 26ක් පුරාවට කොටස් වෙළෙඳපොළ ඉහළ යාමක් වාර්තා වූ අතර එතැන් පටන් මේ දක්වා පැවති තත්ත්වයේ ආපසු හැරීමක් නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23.96…

(0)Comments | January 7, 2025 4:45 pm

Starlink පැකේජ 5ක් සඳහා TRCSL වෙතින් අනුමැතිය

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා පැකේජ සඳහා ගාස්තු සැලසුම් අනුමත කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 ඉක්මවන පැකේජ 5ක් සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත. සීමාසහිත…

(0)Comments | January 7, 2025 3:57 pm

විදෙස් සංචිතයේ පහළ යාමක්

මෙරට නිල සංචිත වත්කම් වටිනාකම 2024 දෙසැම්බර් මාසය තුළ දී 5.6% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2024 දෙසැම්බර් මාසයේ දී මෙම නිල සංචිත වත්කම් අගය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.09 ක් ලෙසින් දැක්වෙන අතර එය 2024 නොවැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 6.45 ක් ලෙසින් සටහන්ව තිබිණි. මේ…

(0)Comments | January 7, 2025 3:24 pm

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේනට

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු 2020 වර්ෂයේ දී නැවත ආරම්භ කර ඇති අතර, නිෂ්පාදන කටයුතු සඳහා දැනට යොදා ගැනෙන ප්‍රධානතම අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වේ. එකී නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අඛණ්ඩව සපයා ගැනීම අත්‍යාවශ්‍ය වී ඇත. රජයේ ආයතනවල පවතින ඉවතලන කඩදාසි, වාලච්චේන කඩදාසි කම්හලට ලබා දීම තුළින්, ප්‍රමාණවත් හා අඛණ්ඩ…

(0)Comments | January 7, 2025 3:04 pm