Top News

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු. බිලියන 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 268 දක්වා සහ ජීවිත අරමුදල රු . බිලියන 152ක්…

(0)Comments | April 28, 2022 2:04 pm

දිනෙන් දින ඉහළ යන ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.16 ක් සහ විකුණුම් මිල රු. 354.99 ක් ලෙසින් අද (28) දිනයේ දී සටහන් වී තිබුණි. මේ අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින්ම අද දින ඩොලරයක විකුණුම් මිල රු. 360 ක් ලෙසින් දක්වා තිබෙනු දක්නට…

(0)Comments | April 28, 2022 2:00 pm

ප්‍රථම ශ්‍රී ලංකා තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය බීජිං නුවරදී විවෘත කෙරේ

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, 2022 අප්‍රේල් 20 වැනි දින, චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය. විශාල එළිමහන් ප්‍රදේශයක් සහිත මෙම වෙළඳසැල තානාපතිවරයා වෙත නොමිලේ පිරිනමා ඇත. මෙම මුලපිරීම, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා…

(0)Comments | April 28, 2022 11:56 am

ශ්‍රී ලංකා කුරුඳු සඳහා යුරෝපා සංගමයෙන් භූගෝලීය දර්ශක සහතිකය හිමිවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම GI (Geographical Indication) සහතිකය ලබාගත් නිෂ්පාදනයක් වන ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon ) වෙත යුරෝපා සංගමය (EU) විසින් භූගෝලීය දර්ශක (GI) සහතිකය ප්‍රදානය කළ අතර එහි නිල උත්සවය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිතයින් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  විසින් සංවිධානය කළ අතර කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේ දී අප්‍රේල් 27…

(0)Comments | April 28, 2022 9:59 am

කොමර්ෂල් බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

හෙට (28) දිනයේ දී ලංකා බැංකු සේවක සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්, හෙට පෙරවරුවේ පැය 2ක කාලයකට අත්‍යාවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් සිය ශාඛා විවෘතව තැබෙන බව කොමර්ෂල් බැංකුව දැනුම් දී සිටී. මෙහිදී වැඩිදුරටත් කොමර්ෂල් බැංකුව පවසන්නේ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් විවෘතව තැබෙන ශාඛා ලැයිස්තුව පිළිබඳ දැනුවත් විය හැකි බවයි.

(0)Comments | April 27, 2022 6:09 pm

සියලු ඉදිකිරීම් මාස 03කට නවත්වන්න – ඉදිකිරීම් සංගමයේ සභාපතිගෙන් ඉල්ලීමක්

ඊයේ (26) රාජ්‍ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබූ අතර මෙම වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙසයි. මෙම සම්බන්ධයෙන් අද (27) විකාශය වූ “අද දෙරණ BIC FOCUS” වැඩසටහනේ දී ඉදිකිරීම්…

(0)Comments | April 27, 2022 4:31 pm

ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක්?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස තාවකාලිකව නැවත වර්ගීකරණය කරන ලෙස ඉන්දියාව පවසයි. පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පාලක මණ්ඩල රැස්වීමේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාවට සහාය ඉල්ලා සිටිමින් මේ බව පවසා ඇත. මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින පෙර නොවූ විරූ මූල්‍ය…

(0)Comments | April 27, 2022 3:56 pm

ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් කොටස් වෙළෙඳපොළ පිබිදෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත ඉහළ යාමක් අද දිනයේ (27) දී වාර්තා විය. පෙර දිනය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය 5.43% ක හා S&P SL20 දර්ශකය 13.52% ක වර්ධනයක් අද දින වාර්තා කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.15 කින් ඉහළ ගොස් ඒකක 7,280.52 ක්…

(0)Comments | April 27, 2022 2:13 pm

අතිකාල දීමනා වැටුපට වඩා වැඩි වෙන්න බැහැ – රජයේ තීරණයක්

සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සත්‍ය වශයෙන්ම සේවයේ නිරත වී සිටින බව/ පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. තවද විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවන් හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු…

(0)Comments | April 27, 2022 1:28 pm

මහ බැංකුවේ ඩොලරය රු. 350 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රු. 350.49 ක් ලෙසින් අද දින සටහන් වී ඇත. ඩොලරයක ගැනුම් මිල රු. 337.82 ක් වශයෙන් දක්වා ඇත.

(0)Comments | April 27, 2022 12:43 pm