Top News

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල අපනයන බදු සහන තවදුරටත්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (රත්මලාන) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා දිරිගැන්වීමේ සහන යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ. ඒ යටතේ, එම ගුවන්‌තොටුපොළවල් සඳහා අපගමන බද්දට අදාළව සලසා ඇති සහන තවදුරටත් පහත සඳහන්…

(0)Comments | January 7, 2025 2:52 pm

ලංකාවේ කුකුල් මස් චීන වෙළඳපොළට

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස…

(0)Comments | January 7, 2025 2:43 pm

JICA සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය – JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා…

(0)Comments | January 7, 2025 1:38 pm

2025 අවසානයේ දී ඩොලර් බිලියන 7ක විදෙස් සංචිත ඉලක්කයක්

2025 වසර අවසන් වන විට ඩොලර් බිලියන 7ක සංචිතයක් රදවා ගැනීමේ ඉලක්කයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ “දෙරණ 360” වැඩසටහනට එක් වූ අවස්ථාවේදීයි. අධිපතිවරයා එහිදී වැඩි දුරටත් පවසා සිටියේ 2024 වසරේ රදවා ගැනීමට අපේක්ෂා කළ ඉලක්කගත විදෙස් සංචිත ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.6ක ඉලක්කය…

(0)Comments | January 7, 2025 1:19 pm

නව වසරේ පළමු දින 5 තුළ සංචාරකයින් 39,415ක් දිවයිනට

2025 නව වසර ආරම්භයේ පළමු දින 5 තුළ 39,415ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි. ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස ජනවාරි දෙවනිදා පෙන්වා දිය හැකි අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,392ක් ලෙසයි. වැඩිම…

(0)Comments | January 7, 2025 9:08 am

මහ බැංකුව 2024 දී සැරටම ඩොලර් අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේ දී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,841 ක් හෙවත් ඩොලර් බිලියන 2.84ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් මිල දී ගෙන ඇති බව නවතම වාර්තා අනාවරණය කරයි. එහිදී දී 2024 වසර තුළ දී ඩොලර් මිලියන 3,137.7 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර ඇති අතර ඩොලර් මිලියන 183 ක් අලෙවි…

(0)Comments | January 6, 2025 3:51 pm

අදත් කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්. සියලු කොටස් 16,000 න් මෙපිටට

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (06) දිනයේ දී පහළ යන ලදී. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා වූ අතර ඒකක 16,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම ඒ අනුව විශේෂ සිදුවීමකි. රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක්…

(0)Comments | January 6, 2025 3:26 pm

CDS ඇමතීමට ක්ෂණික දුරකථන අංකයක්

මධ්‍යම තැන්පතු ක්‍රමය 011 2356 444 යන අංකය ක්ෂණික දුරකථන අංකයක් ලෙස ඉදිරිපත් කරයි කොළඹ කොටස් හුවමාරුවට (CSE) අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) 2025 ජනවාරි පළමු සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ක්ෂණික දුරකථන අංකයක් දියත් කරන බවට සතුටින් නිවේදනය කරයි. ආයෝජකයින් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු පාර්ශවකරුවන් සඳහා වැඩි දියුණු කළ විමසුම් නිරාකරණය සහ සහාය…

(0)Comments | January 6, 2025 2:02 pm

FACETS Sri Lanka 2025 අතිසාර්ථකයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද  ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ…

(0)Comments | January 6, 2025 11:21 am

2024 දී කොටස් වෙළෙඳපොළෙන් රජයට රු. බිලියන 3.1ක බදු ආදායමක්

කොටස් ගනුදෙනු බද්ද මගින් රු. මිලියන 3,128 ක හෙවත් රු. බිලියන 3.12 ක බදු ආදායමක් 2024 තුළ දී එක්රැස් කර ගැනීමට හැකි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දී කොටස් ගනුදෙනු බද්ද හරහා ලැබී ඇති බදු ආදායම රු. බිලියන 2.47 ක් වන අතර ඒ අනුව 2024…

(0)Comments | January 6, 2025 10:43 am