Top News

මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවයි

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා…

(0)Comments | March 31, 2022 1:03 pm

හෙට්ටි වීදියේ රන් අලෙවිය නවතී

මේ වන විට ශ්‍රී ලංකාව තුළ රත්‍රං සඳහා ආයෝජනය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් හා රන් ආභරණ නිෂ්පාදනය සඳහා රන් හිඟ වීම හේතුවෙන් රත්‍රං බාර්, බිස්කට්, හා කාසි ලෙස අලෙවිය හෙට්ටි වීදිය ආශ්‍රිතව තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ. මේ අතර අද දිනයේ දී කොළඹ හෙට්ටි වීදියේ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000…

(0)Comments | March 31, 2022 11:58 am

ඩොලර් අර්බුදය හේතුවෙන් වනිඳුගේ දස්කම් දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අහිමි වෙයි

IPL තරඟාවලියේ ඊයේ (30) පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හා කොල්කලා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරඟයෙන් රෝයල් චැලෙන්ජර්ස් පිලට කඩුළු 3 ක ජයක් අත්විය. මෙය ශ්‍රී ලංකාවේ අපට ද වැදගත් වූ තරඟයකි. මක් නිසාද යත් මෙවර IPL තරඟාවලියේ ඉහළම ලංසුවකට හිමිකම් කී ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙම තරඟයෛ් වීරයා සම්මානයට පාත්‍රවීම නිසාවෙනි. ඔහු තරඟයේ…

(0)Comments | March 31, 2022 11:31 am

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත්කළ යුතුයි. මේක විශ්වාසයේ අර්බුදයක් – හර්ෂ ද සිල්වා අවධාරණය කරයි

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. ඊයේ (30) පස්වරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද…

(0)Comments | March 31, 2022 11:06 am

කොටස් ගනුදෙනු අදත් ලප් තැනම ලොප්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (31) පෙරවරු 10.36 ට අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවයි. දිනයේ ගනුදෙනු ආරම්භ වී මිනිත්තු 06 ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස දෛනික ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 274.09 කින් පහළ…

(0)Comments | March 31, 2022 10:50 am

විදුලි කප්පාදුව නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය සීමාකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර තිබේ. මේ අනුව අද (31) සහ හෙට (01) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තැබෙනු ඇත. දිවයින පුරා මේ වන විට බලපැවැත්වෙන විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින්ට හා පර්ශවකරුවන්ට කොටස් වෙළෙඳපොළ ප්‍රවේශය සීමා…

(0)Comments | March 31, 2022 8:39 am

දින 3 කදී ඒකක 1,160 කින් කොටස් වෙළෙඳපොළ පසුබසී

අඛණ්ඩ තෙවෙනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 352.66 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 141.84 කින් දිනය තුළ දී පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,294.89 ක් ලෙසින් සටහන් වූ අතර එය 2021 සැප්තැම්බර්…

(0)Comments | March 30, 2022 5:20 pm

කුවේට් ඩිනාරයක් රු. 1,000 යි

අද වන විට කුවේට් ඩිනාරයක හුවමාරු වටිනාකම රු. 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඊයේ (29) දිනයේ දී රු. 968.90 ක් ලෙස පැවති කුවේට් ඩිනාරයක අනුරූපිත අනුපාතිකය අද (30) දින රු. 1,006.17 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර අනෙකුත් ප්‍රධාන පෙළේ මැදපෙරදිග මුදල් ඒකකයන් වන බහරේන් ඩිනාරයක…

(0)Comments | March 30, 2022 4:33 pm

මාර්තු මාසයේ දී සංචාරකයින් ලක්ෂයක් ශ්‍රී ලංකාවට

2022 මාර්තු 01 සිට 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,192 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 2020 පෙබරවාරි (207,507) මාසයෙන් පසු එක් මාසයක් තුළ දී ලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 280,026…

(0)Comments | March 30, 2022 3:50 pm

කල්බදු, කුලී ගාස්තු අඩුකරන්නැයි සිල්ලර වෙළෙන්දෝ ඉල්ලති

ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) දායක පිරිවැය ක්‍රමවේදයක් සඳහා ව්‍යාපාර සහකරුවන්ට ඇරයුම් කරයි -කල්බදු හා කුලී වියදම් අඩු කිරීම -වියදම් බෙදා ගැනීම වෙනුවෙන් සහය දැක්වීම ශ්‍රී ලංකාව තුළ සිදුවන සිල්ලර වෙළෙඳාම හා සම්බන්ධ ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් ඉඩම්හිමියන්, කල්බදුහිමියන් හා ව්‍යාපාර සහකරුවන් වෙත පසුගිය දා නිල…

(0)Comments | March 30, 2022 3:40 pm