Top News

ඊශ්‍රායලයෙන් එන සංචාරකයින්ගේ වැඩිවීමක්

සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන් ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ, ඊශ්‍රායල ජාතිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර එම ප්‍රදේශයට එන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අනාවරණය විය. ඒ ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින්, එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට සංචාරක…

(0)Comments | December 27, 2024 1:14 pm

අඛණ්ඩව 22වෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට. සියලු කොටස් 15,400 ඉක්මවයි. පිරිවැටුම බිලියන 7 පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරනු ලැබීය. ඒ ඉතිහාසයේ පළමු වරට ඒකක 15,400 සීමාවට පැමිණෙමිනි. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 15,400.53 ක් ලෙසින් සටහන් වුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.53% ක…

(0)Comments | December 26, 2024 4:44 pm

පුද්ගලික වාහන ආනයනය ගැන අවසන් තීරණය ටික දවසකින් – නි. ඇමති සූරියප්පෙරුම

පුද්ගලික වාහන ආනයනයට අදාළ අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට අවසානයකට පැමිණ නොමැති බවත්, නුදුරේ දීම එම තීරණය ගන්නා බැවින් නොබෝ දිනකින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි. අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. “ඒ…

(0)Comments | December 26, 2024 4:20 pm

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී…

(0)Comments | December 26, 2024 4:06 pm

විසිලක්ෂයේ සංචාරකයා දිවයිනට

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2ක සීමාව ඉක්ම වීමට සමත් වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අද (26) පෙරවරුවේ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණි විසිලක්ෂයේ තායිලන්ත සංචාරක යුවලෙහි පැමිණීමත් සමගයි. මෙම විසිලක්ෂයේ සංචාරකයා පිළිගැනීම වෙනුවෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතාගේ සහ…

(0)Comments | December 26, 2024 12:42 pm

එකදිගට මාසයක් කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 20 වෙනි ගනුදෙනු දිනයටත් අද (24) දින ඉහළ යන ලදී. පසුගිය නොවැම්බර් 26 දින සිට අද දින දක්වා සියලු කොටස් මිල දර්ශකය මෙලෙස අච්ඡින්න ගමනක යෙදී සිටීම වාර්තාගත සිදුවීමකි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.79 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී…

(0)Comments | December 24, 2024 5:35 pm

සංචාරක පැමිණීම විසිලක්ෂයේ කඩඉම අබියස

2024 පළමු දින 22 ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 161,383 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් ප්‍රකාශයට පත්කරයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,966,256 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටී. දෙසැම්බර් මාසය තුළ…

(0)Comments | December 24, 2024 2:53 pm

අනිකා සේනානායක ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී සභාපති ධූරයට

2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි, ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී නව සභාපතිනිය ලෙසට අනිකා සේනානායක පත් වී තිබේ. විදුලි සංදේශ, ගබඩා සහ සැපයුම්, මාධ්‍ය සහ ගුවන් විදුලි, මෝටර් වාහන, ගුවන් සේවා, ආහාර පාන සැකසීම සහ ඇසුරුම්කරණය ඇතුළු අංශයන් සහිත විවිධාංගීකරණයක් සහිත ව්‍යාපාර සමූහයක් වන IWS Holdings සමූහ ව්‍යාපාරයේ වසර 15 ක පුළුල් අත්දැකීම් සමුදායක් සහිත…

(0)Comments | December 24, 2024 12:46 pm

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු…

(0)Comments | December 24, 2024 12:21 pm

ඩොලරය අදත් ඉහළට. විකුණුම් මිල 300 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.25 ක් හා විකුණුම් මිල රු. 300.98 ක් ලෙසින් සටහන්ව ඇත. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ඔක්තෝබර් 03 දිනට පසු පළමු වරට අද දිනයේ දී වීම…

(0)Comments | December 24, 2024 12:17 pm