Top News

ශ‍්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශය මෙන්න

වොෂිංටන් නුවර: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වසරේ වොෂිංටන් නුවර පැවති රැස්වීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝජිවා සහ එහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ විසින් ප‍්‍රධානත්වය දරන ලද ශ‍්‍රී ලංකා දූත පිරිස හමුවී දැනට උද්ගතව ඇති ආර්ථික අභියෝග ජයගැනීම සඳහා…

(0)Comments | April 25, 2022 10:31 am

‘මෙය මා විසින් නිර්මාණය කළ අර්බුදයක් ‌නොවේ’ – කබ්රාල්

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ තමා නොවන බවත් එය රජයේ සාමූහික වගකීමක් බවත්, මහ බැංකුවට සිදුවූයේ රජයේ තීරණ සමඟ කටයුතු කිරීම බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මෙම සාකච්ඡාවේ දී IMF යාම සම්බන්ධයෙන් තම ස්ථාවරය පිළිබඳ යොමු…

(0)Comments | April 25, 2022 9:46 am

ANUFOOD Brazil ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් සඳහා ඉහළ පිළිගැනීමක්

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් 12 සිට 14 යන දිනවල බ්‍රසීලයේ සාඕ පාවුලෝ හි පැවති ANUFOOD Brazil 2022 ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් සිව් දෙනෙකු වන එම්/එස්. ඉම්පීරියල් ටී (පුද්) සමාගම, එම්/එස්. මෝල්ට්රාස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එම්/එස්. බැසිලර් ටී (පුද්) සමාගම සහ එම්/එස්. ටී ටෝක් (පුද්) සමාගම සහභාගී…

(0)Comments | April 23, 2022 1:24 pm

මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබේ. සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතික සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සඳහා ඉහළ සීමාවක් පනවමින් 2020 අගෝස්තු…

(0)Comments | April 22, 2022 5:22 pm

ලංකාවේ ලොකුම සමාගමකින් දේශපාලන නායකයින්ට ඉල්ලීමක්

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනියට විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මේ තීරණාත්මක අවස්ථාවේදී ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා, ජනතාවගේ කැමැත්තට ගරු කරමින්, හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා මෙන් රටේ දේශපාලන නායකයන් සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව එහි සඳහන්ය. මෙම සම්පූර්ණ…

(0)Comments | April 22, 2022 12:30 pm

ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා ප්‍රතිඥා දෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 අප්‍රේල් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මහතා  හමුවිය. තානාපතිවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මහතා, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය අගය කළේ ය. චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක…

(0)Comments | April 22, 2022 10:27 am

ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැහැ – හර්ෂ

මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා රටේ නොසිටින අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීම නීත්‍යානුකූල නොවන දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඉන්ධන මිල සංශෝධනය සඳහා මේ අවස්ථාවෙ දී විදේශගතව සිටින මුදල් අමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය දුරකතන මාර්ගයෙන් ලබා ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූ අවස්ථාවේ…

(0)Comments | April 21, 2022 5:35 pm

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව 2016 න් පසු මූල්‍ය වාර්තා සකස් කර නැහැ

සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තුළ 2016 වර්ෂයෙන් පසුව කිසිදු මුල්‍ය ප්‍රකාශන වාර්තාවක් සකස්කොට නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණය විය. මේ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2015 සහ 2016 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී…

(0)Comments | April 21, 2022 4:06 pm

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් ‘කෝප්’ කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන 25 වැනිදා පෙරවරු 10.00 ට කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම…

(0)Comments | April 21, 2022 3:58 pm

ලංකාවට මංගල ගමන ආ සුඛෝපභෝගී මගී නැව අයත් සමාගම බංකොලොත්

Dream Cruise Lines සුඛෝපභෝගී මගී නෞකාවන් අයත් Genting Hong Kong සමාගම සිය බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට අධිකරණ නියෝග අනුව එම සමාගමේ වත්කම් ඈවර කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී. මේ අතර හොංකොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබුණු Genting Hong Kong සමාගමේ කොටස් ගනුදෙනු 2022 ජනවාරි 18 දින සිට අත්හිටුවා තිබේ. තවද අදාළ…

(0)Comments | April 21, 2022 2:30 pm