2024 නොවැම්බර් 25 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වූ ආරාධනා පත්‍රය (“ආරාධනා සංදේශය”) මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 දෙසැම්බර් 16 දින හුවමාරුව සඳහා කැමැත්ත තහවුරු කිරිමෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. (මෙහි භාවිතා කර ඇති යෙදුම් වෙනත් ආකාරයකින් නිර්වචනය කර…
කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 02ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 02ක් වශයෙන් බහාලුම් පර්යන්ත 04ක් ක්‍රියාත්මක වන අතර, ප්‍රති නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළුව එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම් 5,000-10,000 අතර ප්‍රමාණයක් පරීක්ෂා කර, නිදහස් කරනු ලබයි. රේගු නිලධාරින් විසින් පිටකිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර, එම බහාලුම් භෞතික…
2025.04.01 දින සිට 2025.08.31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 06 ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Aditya Birla Global Trading…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ -0.7% සිට 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1%…
2024 නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 13.08% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2024 නොවැම්බර් මාසයේ අපනයන කාර්යසාධන දත්ත ප්‍රකාශයට පත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ 2023 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 62.06 ක් ලෙසින් වාර්තා වී තිබෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2024 නොවැම්බර් මාසයේ…
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 සීමාව අද (24) දින පෙරවරු 10.24 ට පමණ අභිබවා ගියේය. මේ අතර අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබුණු අතර රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක්…
දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ කීර්තියක් දිනා සිටින First Capital සමාගම ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන සහ මුදල් ආපසු ගැනීම WhatsApp හරහා සිදු කිරීමේ හැකියාව සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් සිය ගනුදෙනුකාර පදනම වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති නිසාම, මෙම නව හඳුන්වා…
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono මහතා පසුගිය (22) දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ADB හි කාර්යභාරය මෙම සාකච්ඡාවේදී යළිත් අවධාරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩි අවධානයක් යොමුවිය. නව…
බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම 2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සැලසීමට නියමිත සහන අවධාරණය කරමින්,…
Video Story