Top News

දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය

මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම…

(0)Comments | October 14, 2025 3:57 pm

ඉන්දියාවේ බැංකුවලින් ණය ගන්න ලංකාවේ පුද්ගලයන්ට දැන් පුළුවන්

ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) විසින් ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලයේ ඇති බැංකුවලට සහ එම රටවල නේවාසික පුද්ගලයින් හට ඉන්දියානු රුපියල්වලින් (INR) ණය ලබා දීම සඳහා ඉන්දියානු බැංකුවලට අවසර දෙමින් එරට මූල්‍ය රෙගුලාසි සංශෝධනය කර තිබේ. මේ අනුව සංශෝධිත රෙගුලාසි යටතේ, ඉන්දියානු බැංකු සහ ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල පිහිටා ඇති…

(0)Comments | October 14, 2025 12:40 pm

රන් මිල පාලනයකින් තොරව ඉහළට

අද (14) දිනයේ දී මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon පවසන්නේ අද පෙරවරු 10.00 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 337,600 ක් දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 365,000…

(0)Comments | October 14, 2025 10:38 am

වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක්…

(0)Comments | October 14, 2025 8:40 am

ගෝලීය ආර්ථීකය හමුවේ ශ්‍රී ලංකාව සාර්ථක ආයෝජන ගමනාන්තයක්: ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත්

ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව කලාපයේ සාර්ථකම ආයෝජන ගමනාන්තය බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි. ඇමරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායන්හි ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගෙන් සමන්විත 23 දෙනෙකුගෙන් යුත් ඉහල පෙලේ එක්සත් ජනපද දූත පිරිසක්…

(0)Comments | October 13, 2025 4:25 pm

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන්වලට බාධා

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය…

(0)Comments | October 13, 2025 2:44 pm

අපනයන වෙළඳාම සඳහා AI යොදාගැනීම පිළිබඳව යාපනයේ දී වැඩමුලුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ අපනයන වෙළඳාම සදහා කෘතිම බුද්ධිය (AI) යොදාගැනීම සහ එහි බලපෑම් පිළිබඳව වැඩමුළුවක් පසුගියදා  යාපනයේදී සාර්ථකව සංවිධානය කෙරිණි. අපනයන සංවර්ධන මණ්ඩලය උතුරු පළාත් කාර්යාලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට දිස්ත්‍රික්කය පුරා සිටි සංවර්ධන නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු සහභාගිවන්නන් 80 දෙනෙකු පමණ…

(0)Comments | October 13, 2025 1:10 pm

2025 මුල් මාස 09දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 5.81ක්

2025 සැප්තැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 695.7 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 555.6 හා සැසදීමේ දී 20%ක කැපීපෙනෙන වර්ධනයකි. 2025 වසරේ පළමු මාස 9 තුළ මෙරටට ලැබී ඇති සමස්ථ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය…

(0)Comments | October 13, 2025 9:52 am

ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා…

(0)Comments | October 13, 2025 9:11 am

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ පසුගිය දා (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව…

(0)Comments | October 13, 2025 8:37 am