Top News

කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 13 ඉක්මවූ වාර්තාගත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී යළිත් වරක් ඉතිහාසයේ ඉහළම වාර්තාව අලුත් කරමින් ඒකක 22,174.74 ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 76.75ක වර්ධනයක් අද දින වාර්තා විය. කෙසේවෙතත් S&P SL20 දර්ශකයේ ඒකක 0.84ක සුළු සෘණ වර්ධනයක් වාර්තා වූයේ අඛණ්ඩව දෙවන දිනටත් එහි…

(0)Comments | October 9, 2025 4:50 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත්…

(0)Comments | October 9, 2025 2:40 pm

2026 අයවැය ගැන IMF සීරුවෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (09) නිවේදනය කර සිටියේය. මේ පිළිබඳ දැනුම් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou මහතාගේ ප්‍රධානත්වයනේ…

(0)Comments | October 9, 2025 12:46 pm

ශ්‍රී ලංකාව IMF සමඟ පස්වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත. IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු,…

(0)Comments | October 9, 2025 11:32 am

නව රජයේ විනිවිදභාවය IMF නියෝජිතයන්ගේ පැසසුමට

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් ඊයේ (08) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන් වෙත ඉදිරිපත් කළ අතර මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ…

(0)Comments | October 9, 2025 11:15 am

දින 15කට පසු කොටස් වෙළෙඳපොළේ අද පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 65.24ක පහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර අද දින ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,097.99ක් ලෙසින් සටහන් වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 15ක වර්ධනීය ගමන් මඟට විරාමයක් ලබාදෙමිනි….

(0)Comments | October 8, 2025 4:26 pm

BB Energy Asia සමාගමට බොරතෙල් කොන්ත්‍රාත්තුවක්

2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක (04) කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොග 04ක් මිල දී ගැනීම සඳහා, ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ…

(0)Comments | October 8, 2025 4:02 pm

රත්මලාන ගුවන්තොටේ පහසුකම් වැඩිකරන්න Sanken සමාගමට රු. බිලියන 3ක කොන්ත්‍රාත්තුවක්

රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019-09-17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නවදෙනෙකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු  අදාළ ලංසු ඇගයීමේ කමිටුව…

(0)Comments | October 8, 2025 3:17 pm

මත්තලින් රට යන අයට ලැබුණු අපගමන බදු සහනය තවදුරටත්

2025-01-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත. එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටුපොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක…

(0)Comments | October 8, 2025 2:32 pm

මහ බැංකුවේ රන් සංචිතයේ කැපීපෙනෙන වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,178 සිට ඩොලර් මිලියන 6,243 ක් දක්වා 1.1% ක ඉහළ යාමක් වාර්තා කර තිබේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වන රන් සංචිතය 2025 සැප්තැම්බර් මාසය තුළ දී 11.9% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට…

(0)Comments | October 8, 2025 1:03 pm