Top News

ක්‍රමවත් ඩිජිටල් ලාභාංශ ගෙවීමේ සේවා සැපයීම සඳහා මධ්‍යම තැන්පතු ක්‍රමය NDB බැංකුව සමඟ හවුල්කාරීත්වයකට

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ NDB බැංකුව (NDB) ඒකාබද්ධව ක්‍රමවත් ලාභාංශ ගෙවීම් පද්ධතියක් සැපයීම හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු කර ඇත. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සමාගම් සහ ආයෝජකයින් සඳහා ආයෝජන…

(0)Comments | January 14, 2026 10:23 am

TV දෙරණ Superbrands 2025 සම්මාන උළෙලේදි මෙරට ප්‍රමුඛතම සන්නාම අතර එක් වූ එකම මාධ්‍ය සන්නාමය බවට පත් වෙයි

මෙවර Superbrands 2025 සම්මාන උළෙලේදි TV දෙරණ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වුණි. පසුගිය දා (12) කොළඹදී පැවති මෙම සම්මාන උලෙළේදී Superbrands ලෙස නම් කෙරුණු එකම මාධ්‍ය සන්නාමය TV දෙරණයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD  සඟරාව, Superbrands GLOBAL ආයතනය සමග එක්ව සංවිධාන කළ Superbrands 2025 සම්මාන උලෙළ ඊයේ කොළඹදී පැවැත්වුණි. මෙරට ජනප්‍රිය…

(0)Comments | January 14, 2026 10:06 am

රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව  මුදල් අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු…

(0)Comments | January 14, 2026 8:50 am

අද කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක් නැහැ

අද (13) දිනයේ මුල් භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණ ද දෙවන භාගයට වන විට නැවත වරක් මිල දර්ශකවල යථා තත්ත්වයට පත්වීමක් දැකගත හැකිවිය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගයේ ඒකක 0.71 ක පහළ යාමක් සහ S&P SL20 දර්ශකයේ ඒකක 7.69ක් වශයෙන් සුළු පහළ යාමක්…

(0)Comments | January 13, 2026 4:49 pm

හයිලන්ඩ් වෙතින් නව අයිස්ක්‍රීම් රසයන් රැසක් වෙළඳපොළට

දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක් වන GLOMARK සුපිරි වෙළදසැල් ජාලය සමඟ අත්වැල් බැදගෙන නවතම අයිස්ක්‍රීම් බහලුම් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීම අද( 13) ලොන්ඩන් පෙදෙස GLOMARK සුපිරි වෙළදසැල් ශාඛාවේ දී මිල්කෝ සභාපති ජී.වී.එච්.ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරීණි. දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මිල්කො සමාගම දේශීය කිරි ගොවීන්ගෙන් පමණක් එකතු කරගන්නා කිරිවලින් සෞඛ්‍යාරක්ෂිත කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන…

(0)Comments | January 13, 2026 4:35 pm

ඩොලරය කීයට යයිද?

විනිමය අනුපාතයේ වෙනස් වීම එක් එක් වෙළඳපොළ තත්ත්වයන් මත විචලනය වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. “අපි බැලුවොත් රුපියලේ වෙනස් වීම කාලෙන් කාලෙට, උදාහරණයක් වශයෙන් ගත්තොත් එක එක වෙළඳපොළ තත්ත්වය අනුව විචලනය වෙනවා. දැන් අපි ගත්තොත් විශේෂයෙන් 2024 මැතිවරණයට පෙර මේක 304ට ගිහිල්ලා තිබුනේ. එතකොට ඊට පස්සේ අලුතෙන් රජයක් ඇවිල්ලා ප්‍රකාශ…

(0)Comments | January 13, 2026 3:29 pm

රජයේ වාහනවලට ඉන්ධන සපයන්න ඩිජිටල් කාඩ් ක්‍රමයක්

රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එමඟින්, ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම අවම වීම තුළින් ඉහළ විනිවිදභාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනු ඇත. මේ වන විට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…

(0)Comments | January 13, 2026 3:27 pm

කටුනායක පැමිණීමේ පර්යන්තයේ මුදල් හුවමාරු කවුළු ගැන කැබිනට් තීරණයක්

මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස තුළ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත්…

(0)Comments | January 13, 2026 3:03 pm

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හදිසි මූල්‍යාධාරයක් ලබා දුන්නේ වැඩි පොලියට ද? – මහ බැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

දිට්වා සුළි කුණාටුව හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් කඩිනම් මූල්‍ය ණය (Rapid Financing Instrument) පහසුකම සඳහා වූ පොලිය රටට අහිතකර ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දුන්නත් එය එම පාර්ශව වල නොදැනුවත්කම මත පවසන්නක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ණය…

(0)Comments | January 13, 2026 12:02 pm

Asiri Health සහ ICTA, ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයකට එළඹෙයි

Asiri Health විසින් ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමඟ හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදු කරන ලදී. මේ තුළින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය ප්‍රමුඛ සෞඛ්‍යය සේවා පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම හවුල්කාරීත්වය, ICTA විසින් සංවිධානය කරන ලද ‘Global Entrepreneurship Week 2025’…

(0)Comments | January 13, 2026 11:23 am