ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව…
කොටස් තැරැව්කාර කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත SC සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම කීර්තිමත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය හිමිකරගත් ප්‍රථම දේශීය කොටස් තැරැව්කාර සමාගම ලෙස පත්වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. පසුගිය මස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී පැවැති උත්සවයක දී එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය අතින් එම තත්ත්ව සහතිකය SC…
දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමු වී ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවන ලබ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද ඵලදා අනුපාතිකයන් හි සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් පොළිය 10.06% සිට 9.69% ක් දක්වා පදනම් අංක 37 කින්, දින 182 බිල්පත් පොලිය 10.37% සිට 9.95% ක් දක්වා පදනම් අංක…
රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අද රු. මිලියන 95,000ක බැඳුම්කර නිකුතුවක් අනිද්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දිනයේ දී රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබුණි. පරිණත කාල තුනක් යටතේ මෙම වෙන්දේසිය සඳහා ලංසු කැඳවීම් කර තිබුණු අතර එහිදී දින 91 – රු. මිලියන 40,000 ක්,…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.58 ක් ලෙසත්, විකුණුම් මිල රු. 297.62 ක් ලෙසත් සටහන් වී තිබේ. අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 293.36 ක් ලෙසිනි. මෙය ඩොලරයක් සඳහා 2023 ජූනි 09 දිනෙන් පසු වාර්තා වී…
වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. ඒ අනුව පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛයාව වූ 1,487,303ක සීමාව පසු කිරීමින් 1,510,774 ක් සංචාරකයින් පිරිසක් මේ ව විට මෙරටට පැමිණ ඇත. එම නව වාර්තාවට අනුව 2024…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung)…
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් වෙළෙඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත්‍ර කර ඇත. සිංගප්පූරුවේ මැන්ඩරින් ඔරිඑන්ටල් හි පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 10 වන වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහන් (TSCFP) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ජාතික ආර්ථිකයට දක්වන වෙළෙඳ හා මූල්‍ය දායකත්වය වෙනුවෙන් පිදුම්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ UNISYST ENGINEERING PLC සමාගමේ කොටස්, අද (08) දින සිට නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළෙ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේනුක විජයවර්ධන විසින් දැනුම් දී සිටී. හේලීස් සමූහයට අයත් සමාගමක් වූ මෙය ඇලුමිනියම් හා ඒ ආශ්‍රිත දෑ නිෂ්පාදනයේ යෙදුණු සමාගමකි. 2023 ජූලි 19 දින සමාගමේ…
Video Story