අද (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු මට්ටමේ පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 47.81කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 25.87 කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,246.22 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය…
කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත, විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් රුපියල් මිලියන 3,270 ක පමණ කොටස් ආයෝජනයක් සිදු කළ බව සමාගම නිවේදනය කළේය. මෙම ආයෝජනය ආර්ථික අර්බුදයෙන් පසු සිදු කරනු ලැබූ විශාල විදේශ…
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 සැප්තැම්බර් මාසය තුළ, එක්සත් ජනපද ඩොලර් මිලියන 108.5 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙ තුළින් මිල දී ගෙන ඇති බව අනාවරණය කරයි. මේ අතර මහ බැංකුව පවසන්නේ ඩොලර් මිලියන 12.5 ක ප්‍රමාණයක් සැප්තැම්බර් මාසය තුළ දී විකිණීමට ද කටයුතු කර ඇති බවයි. ඒ අනුව පසුගිය 2024 සැප්තැම්බර් මාසය තුළ දී…
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම හෙට (2024 ඔක්තෝබර් 15) දින එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සඳහන් කළ හැකි මෙම හෝටල් පහසුකම ව්‍යාපාර, විවේකය මෙන්ම…
පෙර නොවූ විරූ මට්ටමේ උත්සවයක් සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සැමට, Cosmic by Citrus වෙතින් පෙර නොවූ විරූ ස්ථානයක් සූදානම් කොට ඇත. දකුණු ආසියාවේ උසම උත්සව ශාලාව ලෙසින් විරුදාවලි ලත් කොළඹ නෙළුම් කුළුණ තුල පිහිටා ඇති මෙම උත්සව ශාලාව ඔබට නිෂ්පාදන හඳුන්වාදීම්, සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන්, කොක්ටේල් උත්සව, ප්‍රදර්ශනයන්, මංගල උත්සව, පෞද්ගලික සාද සහ පෞද්ගලික උත්සව සඳහා…
2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,843.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2023 වසරේ මුල් මාස 09 තුළ ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 11.5% ක වර්ධනයකි. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 සැප්තැම්බර් මාසය…
ශ්‍රී ලංකාවේ උසම කැරකෙන අවන්හලේ දී අංශක 360 ක මනරම් දර්ශනයක සිරි නරඹමින් අද්විතීය භෝජන සංග්‍රහයක් අත්විඳින්න ළඟ ළඟම එන නිවාඩු සමයේ දී, කොළඹ අහසේ සිට කිසිදාක අත්නොවිදි භෝජන සංග්‍රහයක් අත්විඳීම සඳහා Blue Orbit by Citrus විසින් තම අමුත්තන් වෙත ආරාධනා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල ලෙසින් ප්‍රචලිත කොළඹ නෙළුම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි. එහිදී 2028 මාර්තු 15 දින කල්පිරෙන ආකාරයෙන් රු. බිලියන 70 ක බැඳුම්කර ප්‍රමාණයක් සහ 2032 ඔක්තෝබර් 01 වැනි දින කල්පිරෙන ආකාරයෙන් රු. බිලියන 25 ක බැඳුම්කර ප්‍රමාණයන් නිකුත් කර ඇති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිදුකරනු ලැබූ හිමිකම් කොටස් නිකුතුව (Rights Issue) සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම සමාගම් අද (11) දිනයේ දී නිවේදනය කර සිටියේය. මූලික වශයෙන් කොටස් මිලියන 150 ක්, එකක් රු. 160 බැගින් මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණු අතර…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (11) දිනයේ දීද වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 129.64 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,294.03 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 39.77 කින් ඉහළ ගොස් ඒකක 3,640.65 ක් ලෙසත් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.30 කි….
Video Story