ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය ඉහළ නැංවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් සිය ප්‍රථම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ…
2030 වසර වන විට. ද.දේ.නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය 20% දක්වා ඉහළ නැංවීම. ශ්‍රම බලකායට වන ව්‍යවසායකත්ව දායකත්වය 7% දක්වා ඉහළ නැංවීම. ද.දේ.නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය 20% දක්වා ඉහළ නැංවීම අරමුණයි. 2024 වසරේ ජූනි මස දක්වා නිෂ්පාදන කර්මාන්ත 3,925 ක් ලියාපදිංචි කර තිබෙනවා. 2023-2024 තුළ රොක් පොස්පේට් අලෙවියෙන් රුපියල් මිලියන 1080 ක ආදායමක් උපයා තිබෙනවා….
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූනි මාසයේ දී දර්ශකාංක 59.5ක් වූ අතර, එය පසුගිය සමීක්ෂණ වාර තිහක් තුළ වාර්තා කල ඉහළම දර්ශක අගය වේ. මේ වන විට ක්‍රියාත්මකවන ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් බහුපාර්ශ්වික ආයතනවල මූල්‍යාධාර මත සිදුකරන මාර්ග අළුත්වැඩියා කිරීමේ සහ ජලසම්පාදනය හා සම්බන්ධ ව්‍යාපෘතිවලින් සමන්විත වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක්…
ජෝන් කීල්ස් තීරණයට ආයෝජකයින්ගෙන් සෘණාත්මක ප්‍රතිචාරයක් අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (31) දිනයේ දී වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1004.20 කින් පහළ ගිය අතර දිනය අවසානයෙ දී ඒකක 11,406.56 ක් ලෙසින් එහි අගය වාර්තා විය. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 68.27 කින් පහළ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 1.7 හි සිට 2024 ජූලි මාසයේ දී සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම අගය 2024 මැයි මාසයේ දී වාර්තා වූයේ සියයට 0.9 ක් ලෙසිනි. මේ අතර…
2024 ජූලි මාසයේ මුල් දින 28 තුළ දී වාර්තාගත 170,647 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2024 මාර්තු මාසයෙන් පසු මේ දක්වා එක් මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ. එසේම පසුගිය 2023 වසරේ ජූලි මාසයේ දී මෙරටට පැමිණ ඇකි 143,039 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා…
අද (31) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.85 ක් හා විකුණුම් මිල රු. 307.17 ක් ලෙසින් වාර්තා වී තිබේ. අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතික අගය රු. 302.37 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අනුව පසුගිය සතිය අවසානයේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කී්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් හිමිකම් කොටස් නිකුතුවක් (Rights Issue) සමහ කොටස් අනුබෙදුමක් (Sub-division) සිදුකරන බව නිවේදනය කර සිටී. එහි පළමු පියවර වශයෙන් දැනට තිබෙන සෑම කොටස් 10කටම 1ක් බැගින් වන පරිදි හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීමට ඊයේ (30) පැවති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ….
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) Travel Portfolio සහ මෙරට Aitken Spence Travels සමඟ එක්ව, ඩුබායි හි ප්‍රධානම සංචාරක නියෝජිතායතන සඳහා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංචාරක වැඩසටහනක් (FAM- familiarization tour) පැවැත්විය. ඩුබායි සහ අබුඩාබි ඇතුළු මැදපෙරදිග සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 404 අංක දරන ගුවන් යානයෙන් කොළඹ හරහා බැංකොක් වෙත …
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඊයේ (29) පැවති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබූ බව East West Properties PLC වෙනුවෙන් එහි ලේකම් සමාගම වන SSP Corporate Services (Pvt) Ltd විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී…
Video Story