Top News

කොළඹ උද්ධමනයේ වැඩිවීමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය…

(0)Comments | July 1, 2024 9:28 am

2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනත ක්‍රියාත්මක කරයි

  2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනතේ විධිවිධාන 2024.06.15 දින සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී. ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) සඳහා අදාළ වන නීතිමය සහ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සකස්…

(0)Comments | June 28, 2024 10:24 pm

ශ්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී පෙරළියක්ඃ JKCG Auto 2024 EV Motor Show හිදී BYD නව බලශක්ති වාහන (NEVs) එළිදක්වයි

සම්පූර්ණයෙන් විදුලියෙන් ක‍්‍රියා කරන BYD ATTO 3, BYD DOLPHIN සහ BYD SEAL මෝටර් රථ එළිදක්වයි BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD ​​DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ‍්‍රී ලංකාවට ශ‍්‍රී ලංකාව තුළ EVs සඳහා වූ ප‍්‍රථම ප‍්‍රදර්ශනාගාරය ළඟදීම විවෘත කරමින් දිවයින පුරා ප‍්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට ද පියවර විද්‍යුත් වාහන…

(0)Comments | June 28, 2024 3:32 pm

ඉන්දියාවේ වරාය සංවර්ධන දැනුම ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන කටයුතූ අංශයට ලෝකයේ ප්‍රමුඛතම නාවික කටයුතු සහ ඒ හා සමග ඉදිකිරීම් කටයුතු පිළිබඳ හසල අත්දැකීමක් ඇති බවත් එලෙසම එම මොඩලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති බවත් ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින් මහතා පැවසීය. ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම සහ ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමූහය සමග එක්ව ක්‍රියාත්මක…

(0)Comments | June 28, 2024 1:08 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානයේ අඛණ්ඩ සහය 

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමඟ නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි. ඊයේ (27) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණය හිමියන් සමග අත්සන් තැබීම සම්බන්ධයෙන්…

(0)Comments | June 28, 2024 12:30 pm

මහ බැංකුව, බැංකු දෙකකට දැඩි වෙයි

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ මූල්‍ය ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සදහා…

(0)Comments | June 27, 2024 2:27 pm

අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කෙරේ

සියලු ප්‍රතිඅපනයන සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය රට තුළ අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට කටයුතු යොදන බවත්, ඉදිරියේ දී සියලු ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. තඹ,…

(0)Comments | June 27, 2024 2:20 pm

ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යහුගතකරණය අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇති වූ ජාත්‍යන්තර විශ්වාසය නිසයි – ෂෙහාන් සේමසිංහ

ප්‍රතිව්‍යුහගකරණයෙන් ණය ගෙවීම කාල සීමාව 2043 දක්වා දීර්ඝ වෙනවා, අදාළ ණය වෙනුවෙන් වූ පොලී අනුපාත පහළ යනවා – ඇමැති ෂෙහාන් සේමසිංහ ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩ නගාගත් විශ්වාසය හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සම්මත ක්‍රමවේදයන් අනුගමනය…

(0)Comments | June 27, 2024 2:18 pm

ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් මුලපිරීම නවීකරණය දිරිගන්වමින් ගොවීන්ගේ ජීවනෝපාය ඉහළ නංවයි

GAP අනුගමනය කිරීමෙන් කුඩා ගොවීහු අක්කර 1/4ක ඉඩමකින් එක් වගා කන්නයකට රුපියල් මිලියනයකට අධික ලාභයක් වාර්තා කරති. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් බදුල්ල, මොණරාගල සහ මුලතිව් දිස්ත්‍රික්කවල කුඩා එළවළු ගොවීන් 600කට අධික පිරිසකගේ ගොවිපළ නවීකරණය කරමින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හඳුන්වා දෙන ලදී. කෘෂිකර්මාන්තය සඳහා නවීන, දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රවේශයන් ඵලදායී ලෙස…

(0)Comments | June 27, 2024 11:46 am

2024 මැයි මාසයේ දී ඩොලර් මිලියන 1,287 ක අපනයන ආදායමක්

2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2 ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 9.4% ක වර්ධනයකි.තවද, 2023 මැයි මාසයට සාපේක්ෂව 2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය 5.81% කින්…

(0)Comments | June 27, 2024 9:20 am