ශ්‍රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණ ඇත. මෙම එකඟතාවන් සමඟින්, ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල…
ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් එකඟතාවයට පැරසියේදී අද(26) එළඹ ඇත. මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි. නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින්…
ඔස්ට්‍රියාවේ වියානා හි පැවැති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේදී, පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාමාජික රටවල් දැනුම්වත් කළ බව මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථික වර්ධනය ඇති කිරීම සහ ආයතනික ධාරිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික සහ නීතිමය ප්‍රතිසංස්කරණ මෙම වැඩසටහනට ඇතුළත්…
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා – ජනපති පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක්…
පැරිස් සමාජය සහ ඒකාබද්ධ ආධාර කණ්ඩායම් සමඟ ණය ප්‍රතිව්‍යූහගකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි. තව ද ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ ඊට අදාළ ගිවිසුම්වලට හෙට (26)…
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන Brown and Company PLC විසින් සිය අනුබද්ධ සමාගමක් වූ Browns Fabric Limited හි 100% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව නිවේදනය කර සිටී. පසුගිය ජූනි 20 වන දින මෙම ගනුදෙනුව සම්පූර්ණ කර ඇත. මෙහිදී Browns Fabric Limited සමාගම මිල දී ගෙන ඇත්තේ Ceylon Knit Trend (Private) Limited විසිනි. රු….
2024.08.01 සිට 2024.12.31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව, ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාළ…
අද (25) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. බිලියන 3 සීමාව ඉක්මවා ගියේය. මේ සඳහා ප්‍රධාන වශයෙන් කොමර්ෂල් බැංකුවේ කොටස් ගනුදෙනුවක් හේතු වී තිබුණි. එහිදී කොමර්ෂල් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස් මිලියන 25 ක්, එක් කොටසක් රු. 110.00 බැගින් හුවමාරු විය. මෙම ගනුදෙනුව හරහා පමණක් ජනනය වූ පිරිවැටුම රු. බිලියන 2.75 කි. කොටස්…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකම අනුමත කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙමගින් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතර…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6% ක් දක්වා පහළ බැස ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මැයි මාසයේ දී 0.5%…
Video Story