ඊයේ (08) දිනයේ දී කොටස් වෙළෙඳපොළේ සිදුවූ අනපේක්ෂිත වාතාවරණයෙන් පසු, යථා පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරුවේ ආරම්භ විය. අද දින දක්නට ලැබුණු සුවිශේෂී කාරණාව වූයේ රු. බිලියන 12.32ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් LEE HEDGES PLC සමාගමේ සිදුවූ රු. බිලියන 3.93ක වටිනාකමකින් යුතු ගිවිසා ගනු ලැබූ…
එක්සත් රාජධානියේ සංර්වර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහනට (DCTS) අදාළ ප්‍රතිසංස්කරණ දැන් බලාත්මකව පවතින අතර, ඒ අනුව 2026 ජනවාරි 01 වන දින සිට ලිහිල් කළ වෙළඳ රීති / රෙගුලාසි ක්‍රියාත්මක වේ. ගෝලීය වෙළඳපළෙන් අමුද්‍රව්‍ය 100% දක්වා ලබා ගන්නා අතර, එක්සත් රාජධානියේ තීරු බදු අගය ශූන්‍යයෙහි පවත්වාගැනීමට නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට දැන් හැකියාව තිබේ. මෙම…
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ රට යළි ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ අරමුණෙන් රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක් ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය මගින්, පැවැති අයහපත් කාලගුණ හා සුළි කුණාටු තත්ත්වයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා අධ්‍යාපන…
ශ්රී ලංකා මහ බැංකුව 2026 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4-5%ක වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 2026 සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි. පසුගිය වසර 2 පුරාවට ශ්‍රී ලංකා ආර්ථිකය විසින් අත්පත් කර ගත් වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින්…
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තාතාපෙන්වා දේ. මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 13.1% ක ඉහළ යාමකි. මේ අතර සංචිත වත්කම් තුල අන්තර්ගත…
ශ්රී ලංකාවේ මැණික් සම්පතේ අභිමානය විදහා දක්වමින් ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනය වන”Gem Sri Lanka 2026″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොළඹ දී ආරම්භ විය. ශ්‍රී ලංකාව ලෝක මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු කිරීමේ ගමන් මගෙහි තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට…
ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරනවා – ජනපති ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
අද (07) දින ද්විතීයික කොටස් ගනුදෙනු ආරම්භ කළ WealthTrust Securities සමාගමේ අක්‍රමවත් කොටසක් ගනුදෙනුවක් හේතුවෙන් පෙරවරු 9.53ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. දිනය ආරම්භයේ දීම කොටසක් රු. 25,000 බැගින් කොටස් මිලියන 6කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වීම හරහා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය තුළ මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදුකෙරුණි. මේ සම්බන්ධයෙන් WealthTrust Securities ලිමිටඩ් විසින් නිල නිවේදනයක්…
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඒ අනුව, South Asia Gateway Terminals (SAGT) රුපියල් මිලියන 100ක්ද, Nations Trust Bank රුපියල් මිලියන 100ක්ද, Lanka Marine Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද, Jaykay Marketing Services Pvt…
ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා…
Video Story