2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. 2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ (Imputed Rental Income Tax) හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන්…
45 වැනි සාර්ක් මූල්‍ය අධිපතිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් ඊයේ (13) කොළඹ දී ඇරඹිනි. ‘‘බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ. මෙම සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී. කලාපීය මහ…
Cable Solutions Limited විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම් අංශයේ උප සභාපතිනි කනිෂ්කා මුනසිංහ පවසයි. මේ අනුව මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා Cable Solutions Limited කොටසක් රු. 7.50 බැගින් කොටස් මිලියන 80.78 ක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 17.16%…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් නවෝත් පාදකයන්ගේ දක්ෂතා බලගන්වමින් ශ්‍රී ලංකාව ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවන නවෝත්පාදන අභියෝගය, Dialog Innovation Challenge මේ දිනවල ටෙලිවිෂන් ඔස්සේ විකාශය කෙරෙන බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව, මෙරට දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා රටට විදහා දක්වමින්, සෑම සෙනසුරාදා දිනකම ප.ව. 10.30 ට TV දෙරණ…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය පසුගිය දා නිමා වූ අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සඳහා අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 517,353 කි. මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට අදාළව…
නිසි ක්‍රියාවලියක් නොමැතිකම සහ දරාගත නොහැකිවීම මත තේ සහ රබර් අංශවල කම්කරුවන්ගේ ස්ථාවර වැටුප 70%කින් මීට පෙර නොවූ ලෙස ඉහළ නැංවීමේ පඩිපාලක සභාවේ හදිසි නියෝගයට තව දුරටත් එරෙහි වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තහවුරු කරන ලදී. එසේම අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධ තීරණයට පදනම් වූ කරුණු සළකා බැලීමටද කටයුතු කරනු…
රට තුළ විදේශ විනිමය සංචිත අඩුවෙමින් පැවති කාලය තුළදී නේවාසික තැනැත්තන් විසින් සිදු කරන ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ සඳහා තාවකාලික අත්හිටුවීම් සහ සීමා පනවමින් රට තුළ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියමයක් 2020-04-02 දින සිට බලාත්මක කර තිබේ. එකී නියමය මාස 06ක…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමන්ත අමරසේකර මහතා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි තමන් සතු කොටස් මිලියන 5 ක් ත්‍යාගයක් වශයෙන් පිරිනමා ඇති බව වාර්තා වේ. සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය , KSR Associates (වරලත් ගණකාධිකාරී) වෙත මෙම කොටස් පරිත්‍යාගය ලබා දී ඇත. මෙහිදී එක් කොටසක හුවමාරු මිල…
Video Story