ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිත තුන් වන වාරිකය නිදහස් කිරීම අද (12) මධ්‍යම රාත්‍රිය වන විට නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. ඒ යටතේ මෙරටට ලැබීමට නියමිත ණය වාරිකය එක්සත් ජනපද…
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත් ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන බවත් ඒ මහතා සඳහන් කළේය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා…
ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය…
තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි. මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන…
අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 303.03 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 303 මට්ටමට මෙලෙස පැමිණියේ 2024 මාර්තු 25 දිනෙන් පසුවය. දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අද දිනයේ දී ඩොලරයක ගැනුම්…
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 මැයි මාසය තුළ දී මිලියන 224.5 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ දී මිලියන 1,902.9 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් මිල දී ගැනීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ ජනවාරි –…
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය…
ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය. මැතිවරණයෙන් පසුව බංග්ලාදේශයේ සංචාරයකට එක් වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වූවාය. ඉන්දීය…
හම්බන්තොට ඉදිකිරීමට නියමිත Beliatha Solar Power බලාගාරය සඳහා මෙරට ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සහ SELTech International (Pvt) Limited සමඟ ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී. මෙගාවොට් 4.9ක බලශක්තියක් මෙම Beliatha Solar Power බලාගාරය හරහා ජනනය කිරීමට නියමිතය. පසුගිය 2024 මැයි 31 වන දින මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති අතර මෙය දළ…
2024 මැයි මාසය තුළ දී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 154 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,405.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ මුල් මාස 05 හි සංචාරක…
Video Story