2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ නවයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙනුයේ 912,445 ලෙසයි. 2024 ජුනි මාසයේ පළමු දින 05 තුළ දී පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 15,666 ක් බව එහි වැඩිදුරටත්…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගියදා හොරණ කර්මාන්තශාලාවේදී විවෘත කරන ලදී. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා ඇති කැපවීමේ ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ සඳහා යූරෝ මිලියන 1.3ක් ආයෝජනය කරයි. මෙම ව්‍යාපෘතිය…
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන…
2024 මැයි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 544.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2024 වසරේ ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2,624.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවයි. මෙය…
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9% ක සුළු පහළ යාමකි. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය…
මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ඒකල දී විවෘත කෙරුණි. මෙල්වා සමූහ ව්‍යාපාරයේ සභාපති පෙරියසාමීපිල්ලෙයි ආනන්දරාජා මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර නිර්-උද්ධමනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…
එක්සත් ජනපද ඩොලරයක මිල අද (07) දිනයේ දී රු. 302.70 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන පරිදි අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සටහන් වන්නේ පිළිවෙලින් රු. 297.83 ක් හා රු. 307.44 ක් වශයෙනි. මේ අතර මහ බැංකුව පසුගිය දා පැවසුවේ, 2024 වසරේ මේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් සිලෝන් පීඑල්සී විසින් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ නව පොහොර කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා ලංකමේ සිලෝන් පීඑල්සී විසින් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලංකෙම් මිනරල් ලිමිටඩ් පසුගිය 2023 ඔක්තෝබර් 31 දින සංස්ථාපනය කර තිබේ. අදාළ ව්‍යාපෘතියේ මූලික අදියර වෙනුවෙන් ප්‍රාග්ධන හා…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඒකක 120.93 ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,310.78 ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය අද දිනය තුළ ඒකක 57.58 කින් ඉහළ ගොස් දිනය අවසානයේ…
Video Story