Top News

ශ්‍රී ලංකාවේ සියැට් බ්‍රසීලයට

බ්‍රසීල වෙළඳපොළට ඇතුල් වෙමින් සියැට් සන්නාමය සිය ගෝලීය අපනයන පියසටහන පුළුල් කරයි ලෝකයට ස්වභාවික රබර් ලබා දුන් රට වන බ්‍රසීලය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන සියැට් ටයර් වල නවතම අපනයන වෙළඳපොළ බවට පත් වී ඇත. රටවල් 16 ක් ආවරණය කරන සමාගමේ අපනයන පියසටහනට එක් වූ දකුණු ඇමෙරිකාවේ දෙවන රට වන බ්‍රසීලය වෙත, සියැට් කැළණි හෝල්ඩිංග්ස් පසුගිය…

(0)Comments | July 9, 2024 12:20 pm

දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයක්

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ලබන සතියේ ජනතා අයිතියට : කොහුවල ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතුත් අවසන් – මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්. ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක පරිත්‍යාගයක්: බෙලිඅත්ත- කොළඹ විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ක්‍රියාත්මකයි – වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී. ත්‍රිරෝද රථ, පාසැල් හා කාර්යාලීය ප්‍රවාහන සේවා, කුළී රථ නියාමනය කළ හැකි පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභා…

(0)Comments | July 9, 2024 6:22 am

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙනවා

මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි. රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි. IMF එකඟතා අනුව මහබැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැහැ. විශේෂඥ කමිටු නිර්දේශ සැලකිල්ලට ගෙන 2025 අයවැය…

(0)Comments | July 8, 2024 5:22 pm

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්. සියලු කොටස් 105කින් පහළට

අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපනෙන පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 105.57 ක විශාල පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 11,841.86 ක් ලෙසින් සටහන් වුණි. මේ අතර S&P SL20 දර්ශකය ද දිනය තුළ ඒකක 34.22 කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු…

(0)Comments | July 8, 2024 3:48 pm

සංචාරක ආදායම 78%කින් ඉහළට

2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 මුල් භාගයේ වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 875 කි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 ජූනි මාසයේ…

(0)Comments | July 8, 2024 11:58 am

මාස 06ක දී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 3ක්

පසුගිය 2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 519.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 2024 මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4 ක් සහ 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 475.7 ක් ලෙසින් වාර්තා වී තිබුණි. මේ අනුව 2024 මුල් මාස…

(0)Comments | July 8, 2024 11:35 am

තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී හෝ පවත්වාගෙන යෑමේ දී තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනිවාර්ය කරන ලද අනන්‍ය හඳුනාගැනීමේ අංක භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙලෙස හඳුනාගැනීමේ අංක ලෙස මහ බැංකුව සඳහන් කර ඇත්තේ ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, සමාගම්…

(0)Comments | July 8, 2024 10:57 am

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභ අදානි බලශක්ති ප්‍රධානියා අවධාරණය කරයි

පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු හැකියාවන් රැසක් ඉස්මතු කරන ලදී. “ශ්‍රී ලංකාවේ බහුලව තිබෙන සූර්ය, සුළං…

(0)Comments | July 8, 2024 10:43 am

යුරෝපයට සහ ඇමෙරිකාවට එමිරේට්ස් වෙතින් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන ගාස්තු

එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ. ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල ගුවන් සමාගමේ ගෝලීය මට්ටමේ සේවාවන් භුක්ති විඳීන අතරතුර ඉතුරුම් ද ලබා ගැනීමට…

(0)Comments | July 5, 2024 5:03 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක කොටස් ආපසු මිලදී ගනියි

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක් වටිනා කොටස් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා ලදීි. මෙහිදී දැනට නිකුත් කර ඇති 375,000,000 ක් වන කොටස්වලින් 58,593,750 ක කොටස් ප්‍රමාණයක් රු.102.40 බැගින් ආපසු මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. අඩු පොලී අනුපාතයක් සහිත වපසරියක් තුළ සමාගමේ…

(0)Comments | July 5, 2024 5:00 pm