Top News

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා

“උරුමය” වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 73,143කට සින්නක්කර ඉඩම් අයිතිය නියම සමාජවාදය ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමයි. මම ආණ්ඩුව භාර ගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කර තිබෙනවා. රටට නව ආර්ථිකයක් සමඟ කුරණෑගලට නව සංවර්ධන සැලැස්මක් – ජනපති. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික…

(0)Comments | July 5, 2024 4:34 pm

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ යාවි ද?

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (Rating Agencies) විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ණය ශ්‍රේණීන් (Credit Ratings) හි සිදුවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් අද (05) පැවති මාධ්‍ය හමු දෙකක දී අදහස් පළ විය. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ණ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී…

(0)Comments | July 5, 2024 4:20 pm

මහ බැංකුවේ විදෙස් සංචිතය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූනි මාසය තුළ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබේ….

(0)Comments | July 5, 2024 3:04 pm

දේශීය බැංකු සතු ISB වලට මොකද වෙන්නේ?

මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවයකට පැමිණ ඇති පසුබිමක, මෙරට බැංකු සතුව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ අතර දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය, රුපියල් ණයවලට…

(0)Comments | July 5, 2024 2:50 pm

DFCC බැංකුව කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යවසාය සංවර්ධන වෙනුවෙන් රු. මිලියන 500 ක් වෙන් කරයි

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් වෙනුවෙන් රු. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ. මෙය රටේ තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඒකකයේ [MSME (Micro, Small, and…

(0)Comments | July 5, 2024 11:09 am

බදු ගෙවන ලෙස ඉල්ලීම් ලැබුණත් ආදායම නොමැති නම් බදු ගෙවන්න එපා

මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය TIN ලියාපදිංචි වූවන්ට කියයි බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දීමෙන් බදු ගෙවීමෙන් වැලකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය…

(0)Comments | July 5, 2024 10:53 am

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක් – ඉන්දික අනුරුද්ධ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය. රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ…

(0)Comments | July 5, 2024 9:18 am

කොටස් වෙළෙඳපොළ 12,000න් පහළට පසුබසී

අද (04) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් පහළට පැමිණෙන ලදී. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 110.55 කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 11,926.59 ක් ලෙසින් වාර්තා විය. 2024 අප්‍රේල් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන්…

(0)Comments | July 4, 2024 3:46 pm

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති කොළඹ වරාය නගරයේ සංචාරයක

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය කොලින් ජේ.ස්ටර්ලින් (Colin J. Stirling), කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළ සැලසුම් කර ඇති අධ්‍යාපනික ආයෝජන අවස්ථා පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල කොටසක් ලෙස පසුගියදා කොළඹ වරාය නගර පරිශ්‍රයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ පැමිණි නියෝජිත කණ්ඩායමට Gateway ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් ද ඇතුළුව තවත් නිළධාරීන් පිරිසක් ද…

(0)Comments | July 4, 2024 3:13 pm

කටාර් එයාර්වේස් ශ්‍රී ලංකා ගුවන් ගමන් වැඩි කරයි

එළඹෙන ජූලි 10 වන දින සිට දෛනික ශ්‍රී ලංකා – දෝහා ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවන බව කටාර් එයාර්වේස් ගුවන් සේවය නිවේදනය කර සිටී. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වුණු දෛනික ගුවන් ගමන් වාර 5ක ප්‍රමාණය, එළඹෙන ජූලි 10 දින සිට 6 ක් දක්වා ඉහළ යනු ඇත. මෙලෙස එක්කර ඇති අතිරේක ගුවන් වාරය සඳහා Boeing…

(0)Comments | July 4, 2024 2:24 pm