ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තව දුරටත් සහය දැක්වීමට සූදානම් බව ඇමරිකාව පවසයි. එරට භාණ්ඩගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයේ කරා යාමේ නියමිත දිශාව කරා ගමන් කිරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යහුගතකරණය සඳහා සෙසු රටවල් එකඟත්වය පළ කළ බවයි. හෙතෙම…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි. පසුගිය (28) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඔහු මේ බව ප්‍රකාශ…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. පසුගිය (28) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු…
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ තරුණයන් වෙනුවෙන් ඇප මුදල් නොමැතිව ණය ලබා දෙන නව සංවර්ධන බැංකුවක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ කැකිරාව ප්‍රදේශයේ පැවත් ජන රැලියක් අමතමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා, “ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ job එකකට යන්න…
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේ රැස්වූ…
ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ කොටස් ගනුදෙනුව, ඩයලොග් විසින් භාරතී එයාර්ටෙල් සමාගමේ 100% ක කොටස් ප්‍රතිශතයම අත්පත් කරගැනීමෙන් අනතුරුව සාර්ථකව නිම කෙරිණි. ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් නිකුත් කිරිම හරහා සිදු කෙරුණු මෙම ගනුදෙනුවෙන් අනතුරුව, 73.75% ක…
2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් අතිප්‍රමාණය වුවද, ශ්‍රී ලංකා රුපියල 2024 ජූනි මාසය තුළ දී අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. 2024 වසරේ ජූනි මස 28 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.0කින් අතිප්‍රමාණය විය. කෙසේවෙතත් මැයි සහ ජූනි මාසවල දී රුපියල පිළිවෙලින් සියයට 1.7 කින් සහ සියයට 1.2කින් අවප්‍රමාණය…
මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙරටට පැමිණි දශ ලක්ෂය වැනි සංචාරකයා වූයේ UL 504 ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි අයර්ලන්තයේ පෝල් සහ පැට්‍රීෂියා රෝයි යන සංචාරක යුවලයි. මේ සම්බන්ධයෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය…
2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනතේ විධිවිධාන 2024.06.15 දින සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී. ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) සඳහා අදාළ වන නීතිමය සහ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සකස්…
Video Story