ලෝක නායකයෝ ජනපති වෙත සිය සංවේගය සහ අඛණ්ඩ සහාය පළ කරති ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතී. ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ…
ශ්‍රී ලංකාව තුළ දැනට තත්‍යකාලීන (real-time) විද්‍යුත් ඉන්වොයිසි පද්ධතියක් ක්‍රියාත්මක නොවන නමුත් බදු පද්ධති නවීකරණය කිරීම, බදු පැහැර හැරීම අඩු කිරීම සහ ව්‍යාපාර ගනුදෙනුවල විනිවිදභාවය වැඩි කිරීම සඳහා බොහෝ රටවල් විසින් විද්‍යුත් ඉන්වොයිසි බහුලව භාවිතා කරමින් සිටී. එබැවින්, අදාළ කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වර්ධනයන් ද සැලකිල්ලට ගනිමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු එකතු කිරීම සඳහා…
ඊයේ (01) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වර්ධනයක් අද (02) දිනයේ දී දැකගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 219.51ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,241.57ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P…
2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි. නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී…
හේමාස් හෝල්ඩිංග්ස් පිඑල්සි විසින් අද දින එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි වෙනස්කම් නිවේදනය කරන ලදි. ආයතනික පාලනය ශක්තිමත් කරමින්, නායකත්ව මණ්ඩලයට කාර්යක්ෂම ලෙස අනුප්‍රාප්තිකයන් පත්කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව මෙම වෙනස්කම් මඟින් මැනැවින් පිළිබිඹු වේ. දශක හතරකට අධික කාලයක් හේමාස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ඇතුළු විවිධ නායකත්ව තනතුරු දැරූ හුසේන් එසුෆලි මහතා 2025 දෙසැම්බර් 31…
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය…
ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ. මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය. චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය. ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ. කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල්…
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. ඊට අදාළ චෙක්පත එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා විසින් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය. විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන…
දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත. ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා…
Video Story