බිඳවැටීමට ලක්ව තිබූ ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කළ හැකි බවය. ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ඇති වු අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ අතර එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන සියයට 138 ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී, ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය. එම සාකච්ඡාවල දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණි. විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුව ලබා දුන් නායකත්වය ඇගැයීමක් වශයෙන් මෙම සම්මානය හිමි විය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…
සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමඟින් ජනප්‍රිය බොලිවුඩ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමඟ දීපවාලී උත්සවය සමඟින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා කර දීමට City of Dreams Sri Lanka සමත්…
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ගැසට්පත්‍රයේ සඳහන් මෙම නියෝග හෙට (21) පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් එම…
2025 ඔක්තෝම්බර් මස 8 වන දින සිට 10 වන දින දක්වා ඉතාලියේ රිමිනි හි දී පැවැත් වූ TTG Travel Experience 2025 අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව එහි ශ්‍රී ලංකා නියෝජනය සංවිධානය කරන ලද අතර එමඟින් සංචාරක ගමනාන්තයක් ලෙස…
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2025 ඔක්තෝබර් 15 දින දක්වා මෙටට පැමිණ තිබෙන සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ 2025 ඔක්තෝබර් මාසයේ මුල් දින 15 තුළ දී සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි අද සිදු වූ දැවැන්ත කොටස් ගනුදෙනුවේ ගැනුම් පාර්ශවය වන හේලීස් පීඑල්සී විසින් අදාළ ගනුදෙනුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටී. මෙහිදී හේලීස් පීඑල්සී පවසන්නේ හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි කොටස් 778,946ක් එකක් රු. 3,300 බැගින් මිල දී ගත් බවයි. ඒ සඳහා ආයෝජනය කර ඇති සම්පූර්ණ මුදල…
සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,500 සීමාව ඉක්මවයි කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට ඒකක 22,500 සීමාව අද (17) දිනයේ දී ඉක්මවා ගියේය. සියලු කොටස් මිල දර්ශකය අද දින ඒකක 217.65ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වූ අතර දිනය අවසානයේ දී එය ඒකක 22,633.80 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අතර…