Top News

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කරයි

ඇතිව තිබෙන ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනා කරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ආධාර සැපයීම සහ සන්නිවේදනය සහතික කිරීම සඳහා රජයේ කැපවීම මෙම මුල පිරීම පිළිබිඹු කරයි. විදේශයන්හි පිහිටි ශ්‍රී…

(0)Comments | December 1, 2025 9:20 am

ජනපති සහ ලංකා වාණිජ මණ්ඩලය අතර හමුවක්

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරනවා – ජනපති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග ඊයේ (29) රාත්‍රියේ…

(0)Comments | November 30, 2025 2:10 pm

ආදායම් වාර්තා ගොනු කීරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන, 224/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කිරීම සඳහා ලබා දී තිබූ කාලය 2025 දෙසැම්බර් 08 දින දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

(0)Comments | November 29, 2025 12:25 pm

ගුවන් මගීන් සඳහා වැදගත් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා වල නවතම තොරතුරු www.airport.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිවේදනයක් නිකුත් තරමින් පවසයි. ගුවන් ගමන් පැමිණීම්: www.airport.lk/flight_info/arrival ගුවන් ගමන් පිටවීම්: www.airport.lk/flight_info/departure SriLankan Airlines ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔබට 1979 දුරකතන අංකය ඔස්සේද, අන්තර්ජාතිකව +94 117 771…

(0)Comments | November 28, 2025 3:56 pm

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොටස් වෙළෙඳපොළ අද කලින් වැසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (28) දින ගනුදෙනු සැසිය පස්වරු 12.30ට අවසන් කරන බව නිවේදනය කර සිටී. මේ වන විට රට තුළ උද්ගතව ඇති දරුණු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් දැනුම් දී තිබේ.

(0)Comments | November 28, 2025 11:54 am

කොටස් වෙළෙඳපොළ අද යළි ‘රතු’ වෙයි

අද (27) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල යළි පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 182.14කින් පහළ ගොස් ඒකක 22,662.09ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 42.85කින් පහළ ගොස් ඒකක 6,268.45ක් ලෙසින් වාර්තා විය. සම්පත් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, කොමර්ෂල් බැංකුව,…

(0)Comments | November 27, 2025 4:47 pm

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී

මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර්ථකත්වයේ කථාවය. එහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. එනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්‍රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් ඇඟලුම්…

(0)Comments | November 27, 2025 1:01 pm

වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමෙන් රු. මිලියන 500ක මූලික මහජන කොටස් නිකුතුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු වන වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් සමාගම, සිය ගමන් මගෙහි සහ සිය දිගුකාලීන ප්‍රාග්ධන ශක්තිමත් කිරීමේ උපාය මාර්ගයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ස්ථිර ප්‍රාග්ධන සංචිතය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රු. මිලියන 500 ක මූලික මහජන කොටස් නිකුතුවක් දියත් කිරීමට ඇති අභිප්‍රාය නිවේදනය කරයි. මෙම මූලික මහජන…

(0)Comments | November 27, 2025 11:44 am

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජය පිළිගන්නවා – ජනපති

ජනපති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර සාකච්ඡාවක් ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සමඟ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. පසුගිය වසර කිහිපය තුළ මාර්ග…

(0)Comments | November 27, 2025 10:06 am

සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

ලෝකයේ ඕනෑම රටක සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හිමි විය යුතුයි – ජනපති සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට…

(0)Comments | November 27, 2025 9:52 am