මෙම වසරේ ඔක්තෝබර් 12වන දින දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,788,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි නවතම දත්ත වාර්තාවලට අනුව ඔක්තෝබර් මාසයේ පළමු දින 12 තුළ දී 62,741ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 12 තුළ 18,299ක වැඩිම…
ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් 2025 පළමු මාස 09 තුළ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1,415.9ක් මිල දී ගෙන ඇති වාර්තා වේ. එහිදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,479.2ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 63.3ක් විකුණා දමා තිබේ. 2025 වසරේ එක් එක් මාසය තුළ දී මහ බැංකුව…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යන ලදී. මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලුත් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,372.57 ක් දක්වා ඉහළ ගිය අතර…
වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025‑05‑26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03ක්…
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ. කොලොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සඳහා අතිනවීන පිරවුම් පහසුකම්…
මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම…
ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) විසින් ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලයේ ඇති බැංකුවලට සහ එම රටවල නේවාසික පුද්ගලයින් හට ඉන්දියානු රුපියල්වලින් (INR) ණය ලබා දීම සඳහා ඉන්දියානු බැංකුවලට අවසර දෙමින් එරට මූල්‍ය රෙගුලාසි සංශෝධනය කර තිබේ. මේ අනුව සංශෝධිත රෙගුලාසි යටතේ, ඉන්දියානු බැංකු සහ ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල පිහිටා ඇති…
අද (14) දිනයේ දී මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon පවසන්නේ අද පෙරවරු 10.00 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 337,600 ක් දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 365,000…
යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක්…
ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව කලාපයේ සාර්ථකම ආයෝජන ගමනාන්තය බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි. ඇමරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායන්හි ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගෙන් සමන්විත 23 දෙනෙකුගෙන් යුත් ඉහල පෙලේ එක්සත් ජනපද දූත පිරිසක්…