Top News

ඇතිවූ ආපදා තත්ත්වය හමුවේ වුවද ඩොලර් බිලියන 300 ආර්ථිකය ලඟාකර ගත හැකියි – තිලකා ජයසුන්දර

පසුගියදා ඇතිවූ “දිට්වා සුළි කුණාටුව” වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසීය. ඇය මේ බව පැවසුවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ සහතිකකරණ ආයතනයක් (Certification…

(0)Comments | December 30, 2025 8:18 am

රට පුරා විදුලි රථවාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට අමාත්‍ය විජිත හේරත් චීනයට යෝජනා කරයි

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය…

(0)Comments | December 30, 2025 8:15 am

2025 මාස 11කදී ඇඟලුම් කර්මාන්තයේ 5.42%ක වාර්තාගත වර්ධනයක්

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා 5.42%ක වාර්තාගත කාර්යසාධනයක් අත්පත් කරගනී 2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර…

(0)Comments | December 29, 2025 2:57 pm

සංචාරක පැමිණීම ඉතිහාසගත වෙයි. වසරක් තුළ වැඩිම පැමිණීම 2025 දී

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබේ. ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි. ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසයි….

(0)Comments | December 29, 2025 12:02 pm

යුරෝපීය වෙළඳපලේ ආහාර ලේබල්කරණ නීති පිළිබඳ අපනයනකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් යුරෝපීය සංගම් ආහාර ලේබල්කරණ නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පවත්වන ලදී. අපනයනකරුවන් සහ අපනයනය කිරීමට අපේක්ෂා කරන්නන් 110කට වැඩි පිරිසක් වැඩමුළුවට සහභාගී වූ අතර යුරෝපීය සංගම් වෙළඳපල අවශ්‍යතා පිළිබඳ දැනුම ලබා ගත්හ. සහභාගිවන්නන් යුරෝපීය සංගම් ආහාර ලේබල් නීතිවල පසුබිම, ආහාර…

(0)Comments | December 29, 2025 10:38 am

WealthTrust Securities මූලික කොටස් නිකුතුවට වාර්තාගත ඉල්ලුමක්

WealthTrust Securities (WTS) ආයෝජක විශ්වාසය දිනාගනිමින් මූලික කොටස් නිකුතුව වාර්තාගත අන්දමින් අවසන් වෙයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය සනාථ කරමින්, WealthTrust Securities Limited (WTS) සමාගම විසින් පසුගියදා නිකුත් කළ මූලික කොටස් නිකුතුව (IPO) සඳහා ආයෝජකයින්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමි විය. 2025 දෙසැම්බර් 17 වන දින උදෑසන විවෘත කෙරුණු මෙම කොටස් නිකුතුව, ලැබුණු විශාල ඉල්ලුම හේතුවෙන්…

(0)Comments | December 29, 2025 10:28 am

2026 වසරේ ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන තැන ශ්‍රී ලංකාවට

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකගෙන ඇත්තේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන ස්ථාන පෙරමුනේ පසු වේ. මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති…

(0)Comments | December 29, 2025 9:09 am

2025 ගත වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකා රේගුව වාර්තාගත ආදායමක් උපයයි

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය….

(0)Comments | December 29, 2025 8:43 am

කොමර්ෂල් බැංකුව 2024-25 ‘බිස්නස් ටුඩේ TOP 40’ ලැයිස්තුවේ අංක 1 බවට පත්වෙයි

‘බිස්න්ස් ටුඩේ’ සගරාව විසින් වාර්ෂිකව පළ කරන ‘TOP 40’ ආයතනික ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය අත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රි ලංකාවේ හොඳම කාර්ය සාධනය සහිත බැංකුව මෙන්ම ශක්තිමත්ම ආයතන පහෙන් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් අතරින් අංක 01 ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින්…

(0)Comments | December 29, 2025 8:19 am

ඔබේ Gmail ලිපිනයේ නම වෙනස්කිරීමට ළඟදීම අවස්ථාවක්

තමන් භාවිතාකරන Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට  Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටී. ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස පරිශීලකයාට එහි අවශ්‍ය නාමය වෙනස්කිරීමට අවස්ථාව උදාවනු ඇත. මෙමගින් පරිශීලකයින්ට නව ගිණුමක් නිර්මාණය…

(0)Comments | December 26, 2025 4:00 pm