Top News

ඩුබායි, දෝහා ඇතුළු මැදපෙරදිග ශ්‍රීලංකන් ගුවන් ගමන් අදත් අවලංගුයි

මැදපෙරදිග ගමනාන්ත කිහිපයක ගුවන් අවකාශ තවදුරටත් වසා තැබීම හේතුවෙන් අද (02) දින ක්‍රියාත්මක කිරීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. ගුවන් මගීන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය ප්‍රමුඛ කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ගුවන් සේවය නිවේදනය කරයි. අද අවලංගු කළ ගුවන් ගමන් UL225 — කොළඹ සිට ඩුබායි UL226…

(0)Comments | March 2, 2026 12:50 pm

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට සංචාරකයන්ට සහ විදේශගත ශ්‍රමිකයන්ට ආරක්ෂාව සහ සුභසාධනය සැලසීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය සැලසීම වෙනුවෙන් රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ. ඊයේ දින (01-03-2026) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික…

(0)Comments | March 2, 2026 12:23 pm

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක්  ලෙස සලකයි. පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු  කරන ලෙස තරයේ උපදෙස් දෙනු…

(0)Comments | March 1, 2026 7:00 pm

මැදපෙරදිග ගුවන් මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් වැදගත් නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් දිගින් දිගටම වසා තැබීම හේතුවෙන්, අද (01) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පහත සඳහන් ශ්‍රීලංකන් ගුවන් ගමන් අවලංගු කර ඇත: ගුවන් යානා අංකය සහ ගමන් මාර්ගය UL231 කොළඹ – ඩුබායි UL232 ඩුබායි – කොළඹ UL225 කොළඹ – ඩුබායි UL226 ඩුබායි – කොළඹ UL217 කොළඹ – දෝහා UL218 දෝහා – කොළඹ…

(0)Comments | March 1, 2026 1:59 pm

අවලංගු වෙන මැද පෙරදිග ශ්‍රීලංකන් ගුවන් ගමන් මෙන්න

මේ වන විට මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති උණුසුම් යුධමය වාතාවරණයත් සමඟින් එම කලාපයේ ගුවන් අවකාශ දැමීම හේතුවෙන් ගුවන් සේවා රැසක් එම කලාපය තුළ ක්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය ද මැද පෙරදිග ගමනාන්ත කිහිපයක් සමඟ සිදුකරන ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත. මෙලෙස අවලංගු කෙරෙන ගුවන් ගමන්…

(0)Comments | February 28, 2026 6:28 pm

ඉහළ ණය වර්ධනයක් සහ ශක්තිමත් ශේෂ පත්‍රයක් සමඟින් HNB 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

HNB සමූහය 2025 වර්ෂයේදී බදු පසු ලාභය (PAT) ලෙස රු. බිලියන 49.8ක අඛණ්ඩ ප්‍රගතියක් පිළිබිඹු කරමින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය (PAT)  රු. බිලියන 45.4 ක් වූ අතර ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවයේ අඛණ්ඩ වැඩිදියුණු වීම මෙයට හේතු විය. මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස්…

(0)Comments | February 28, 2026 12:18 am

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 පළමු භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන්…

(0)Comments | February 28, 2026 12:14 am

2026 වසර ආරම්භයේදී ඉදිකිරීම් කටයුතුවල සැලකිය යුතු වර්ධනයක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජනවාරි මාසයේ දී  දර්ශකාංක 75.0ක් දක්වා ඉහළ ගිය අතර, එය 2020 ජූලි මාසයේ දී වාර්තා වූ 75.7ක උපරිම අගයෙන් පසු වාර්තාගත දෙවන ඉහළම අගය වේ. 2026 වසර ආරම්භය සමග නව ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ වීම හා කාලගුණික තත්ත්වය වඩා යහපත් වීම  ජනවාරි…

(0)Comments | February 27, 2026 4:42 pm

කොටස් වෙළෙපොළෙන් අද රු. බිලියන 7ක වාර්තාගත පිරිවැටුමක්. මිල දර්ශක පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල පහළ යාමක් අද (27) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.17 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 74.20 කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,734.06ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,635.97ක් ලෙසත් සටහන්…

(0)Comments | February 27, 2026 4:11 pm

කොළඹ ආහාර උද්ධමනයේ විශාල අඩුවීමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.3ට සාපේක්ෂව 2026 පෙබරවාරි මාසයේ දී සියයට 1.6ක් ලෙස වාර්තා විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2026 ජනවාරි මාසයේ දී වාර්තා වූ…

(0)Comments | February 27, 2026 3:37 pm