Top News

තිරසර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රි ලංකාවට පැමිණෙන ආයෝජක හා සංචාරක ප්‍රජාව අපි සාදරයෙන් පිළිගන්නවා – අගමැති

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණෙන ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (26) පැවති ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය (Sri…

(0)Comments | February 27, 2026 2:43 pm

16 වන පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය අද BMICH හිදී උත්සවාකාරයෙන් ඇරඹේ

දේශීය පාවහන් සහ සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “FOOTWEAR & LEATHER FAIR 2026” ප්‍රදර්ශනය අද (27) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්සවාකාරයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය (SLFLPMA) මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…

(0)Comments | February 27, 2026 1:36 pm

NDB බැංකුව ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

බදු පසු ලාභය ඉතිහාසයේ ඉහළම අගය වන රු. බිලියන 11 දක්වා වර්ධනය විය (2024: රු. බිලියන 9). 2024 වසරේ අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර (ISB) ණය ප්‍රතිසංවිධානය හේතුවෙන් ඇති වූ එක්වරක් පමණක් සිදු වූ බලපෑම ඉවත් කළ විට සැසඳිය හැකි පදනමක් මත මෙය දෙගුණයකට ආසන්න වර්ධනයක් නිරූපණය කරයි. ශුද්ධ ණය සහ තැන්පතු, සාමාන්‍යකරණය කළ පදනමක් මත පිළිවෙලින්…

(0)Comments | February 27, 2026 11:54 am

ඓතිහාසික ඔටර්ස් ක්ලබ් රථ ගාල් පරිශ්‍රය Prime Lands Residencies වෙත

කොළඹ නගරයේ සිදු වූ සුවිශේෂීම දේපළ පවරා ගැනීම්වලින් එකක් Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම්වලින් එකක් සනිටුහන් කරයි. මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක…

(0)Comments | February 27, 2026 11:29 am

මහජන බැංකුව රු. බිලියන 40.2 ක ඉතිහාසගත ලාභයක් අත්කර ගනී

සමූහ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.0 ඉක්මවයි ඉතිහාසගත ලාභය: මහජන බැංකුව බදු ගෙවීමෙන් පසු මෙතෙක් වාර්තා කළ ඉහළම බදු පසු ලාභය (PAT)වන රුපියල් බිලියන 40.2 ක් වාර්තා කරගනි වත්කම් : මහජන බැංකු සමූහය ඒකාබද්ධ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 4.0 ඉක්මවා යමින් සුවිශේෂ සන්ධිස්ථානයකට ළඟාවෙයි. මෙහෙයුම් ස්ථාවරත්වය: බැංකුව ශක්තිමත් ප්‍රාග්ධනයක් සහ ද්‍රවශීලතාවයක පවත්වා ගෙන ගිය අතර,…

(0)Comments | February 27, 2026 11:05 am

අති දැවැන්ත ආයෝජනයක් සමගින් Home Lands කොළඹ වරාය නගරය වෙත පිවිසෙයි

ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය පෙරටු කරගත් අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands සමූහය, මෙරට දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ තනි සමාගමක් විසින් කොළඹ වරාය නගරය තුළ සිදුකරන ලද සුවිශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 40.1ක (ආසන්නව රුපියල් බිලියන 12.5ක) වටිනාකමකින් යුත් අක්කර තුනකට අධික භූමි භාගයක් අත්පත් කරගැනීමට…

(0)Comments | February 27, 2026 10:46 am

Digital Nomad Visa පහසුකම නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Digital Nomad Visa (DNV) පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (26) පසුවරුවේ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තයේ දී සිදු විය. ඒ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම Digital Nomad Visa පහසුකම හිමිවන්නේ ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටිමින්, මාර්ගගත ක්‍රමයට විදේශ රටවල ව්‍යාපාර හෝ…

(0)Comments | February 27, 2026 9:16 am

කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. අද රු. බිලියන 5ට ආසන්න පිරිවැටුමක්

පසුගිය දිනවලට සාපෙක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ සක්‍රීය බවක් අද (26) දින දැකගන්නය ලැබුණි. ඒ අනුව ප්‍රධාන මිල දර්ශකවල වර්ධනයක් ද දිනය තුළ දැක ගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.13කින් ඉහළ ගොස් ඒකක 23,781.23ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 24.90කින් ඉහළ ගොස් ඒකක 6,710.17ක් ලෙසින් සටහන්…

(0)Comments | February 26, 2026 4:37 pm

ඉන්දියාව – ශ්‍රී ලංකාව යා කරන ශ්‍රීලංකන් මෙහෙවර තවදුරටත් පුළුල් වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී අනාවරණය කරන ලද්දේ දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ප්‍රදර්ශනයක් වන SATTE 2026 ප්‍රදර්ශනයට සමගාමීව දෙරට අතර ගුවන් ගමන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇති බවයි. මීට අමතරව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ගමනාන්ත පිළිබඳ තොරතුරු රැසක්ද…

(0)Comments | February 26, 2026 3:20 pm

පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේ දී

2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පවසා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත් හදුන්වා දීමේ ව්‍යාපෘතියෙහි ප්‍රසම්පාදන කටයුතු අප්‍රේල් මාසය වන විට ක්‍රියාත්මක කර අවසන් කරන බවයි. ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී…

(0)Comments | February 26, 2026 1:21 pm