Top News

කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයෙන් නිවේදනයක්

තේ කර්මාන්තයේ සියලුම පාර්ශ්වකරුවන්, එනම් වගාකරුවන්, නිෂ්පාදකයින්, වැවිලි සමාගම් වතු, තැරැව්කරුවන් සහ අපනයනකරුවන්ගෙන් සමන්විත කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය (CTTA) ජාතිය මුහුණ දෙන පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් යුතුව දකී. දීප ව්‍යාප්ත විරෝධතාවලින් අනතුරුව මෑතකාලීනව සිදු වූ සිදුවීම් හේතුවෙන් සිදු වී ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතයට සහ ව්‍යාපාරවලට බාධා ඇති කරමින් තත්ත්වය තවත් උග්‍රවීම පමණි. වත්මන් රටෙහි…

(0)Comments | May 23, 2022 1:12 pm

මහ බැංකුවෙන් සියලු බැංකුවලට නියෝගයක්

ඇතැම් අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේ දී අනුමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභී වානිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දැනුම් දීමක් සිදුකර තිබේ. බැංකු පද්ධතිය තුළ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හා විදේශ විනිමය ද්‍රවශීලතාවය පවත්වාගෙන යාමේ අරමුණු ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මණ්ඩලයේ නිර්දේශ…

(0)Comments | May 23, 2022 12:50 pm

SLT සමූහය බාධක හමුවේ නැවතත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස,  2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 2.7 ක් ලෙස වාර්තා වීම, අභියෝගකාරී ආර්ථික…

(0)Comments | May 23, 2022 11:04 am

මහ බැංකු අධිපති, මුදල් ලේකම් මෙම සතියේ මුදල් කාරක සභාව හමුවට

වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට  ලබන සතියේ කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන්  පසුගිය සතියේ (19) දී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි. තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන…

(0)Comments | May 23, 2022 9:44 am

පාර්ලිමේන්තුව ඩීල් දේශපාලනයෙන් බැහැරවී සැබෑ ජනමතය නියෝජනය කරන මහජන නීති සම්පාදන ආයතනයක් බවට පත්  කිරිමට නම්….

ප්‍රවීණ මූල්‍ය විශ්ලේෂක, රවී අබේසූරිය, CFA, FCMA, CGMA, MBA ගැටලුවට මුල දේශපාලන සංස්කෘතියේ පිරිහීම පිළිබඳ ගැටලුව විසඳීමට ඇති එක් ප්‍රයෝගික හා ඵලදායී මාර්ගයක් වන්නේ මැතිවරණවලට තරඟ කිරීම සඳහා නුසුදුසු චරිත නම් කිරීමේ පිළිගත නොහැකි පුරුද්ද අවසන් කිරීමයි. අඩු වැඩි වශයෙන් මෙරට පක්ෂ ක්‍රමය විසින් ඇති දැඩි කොට නඩත්තු කරන හා අන්‍යෝන්‍ය වශයෙන් පක්ෂ හා එම…

(0)Comments | May 21, 2022 10:28 am

ලංකාවට එන සංචාරකයින්ටත් විරෝධතාවලට එක්වන්න පුළුවන් – අගමැති රනිල් විදෙස් මාධ්‍යයට කියයි

වෙනස්ම අත්දැකීමක් විඳීමට කැමති විදේශිකයන් හට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ස්කයි නිවුස් පුවත් ‌සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ආරක්ෂිත දැයි යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.   ප්‍රශ්නය – මේ…

(0)Comments | May 20, 2022 4:21 pm

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.5 ක හදිසි ඖෂධ ආධාර

හදිසි ඖෂධ ආධාර වෙනුවෙන් ජපානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙයි ආර්ථික අර්බුද තත්වයක් හේතුවෙන් ඖෂධ වල හිඟතාවයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමකට ලක්වියහැකි සමාජ කණ්ඩායම් වල හදිසි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ ආධාර යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙයි. ජපානය ලබාදෙන ඇමරිකානු ඩොලර්…

(0)Comments | May 20, 2022 12:06 pm

ශ්‍රී ලංකාවට ලෝක බලවතුන් 7 දෙනෙකුගේ සහාය 

ශ්‍රී ලංකාව මේ වන විට සවෛරීත්ව ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවක ලෝක බලවතුන් 7 දෙනෙකුගෙන් සැදුම් ලත් G7 කණ්ඩායම විසින් ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයන්තයන්ට සහය ලබා දෙන බවට කෙටුම්පත් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. G7 කණ්ඩායම එලෙස පවසා ඇත්තේ ඊයේ (19) ජර්මනියේ පැවති රැස්වීමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. G7 රටවල්…

(0)Comments | May 20, 2022 11:17 am

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවදුරටත් පහළට

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය නිකුතු ශ්‍රේණිගත කිරීම (Long-Term Foreign-Currency Issuer Default Rating)  ‘C’ සිට ‘RD’ දක්වා පහළ දැමීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් මත අප්‍රේල් 18 වන දින ගෙවිය යුතු කූපන් ගෙවීම් සඳහා ලැබී තිබුණු දින 30 ක සහන කාලය ද පසුගිය මැයි…

(0)Comments | May 20, 2022 10:47 am

ඉන්දියාවෙන් ගන්නා භාණ්ඩ සඳහා ඉන්දීය රුපියල්වලින් ගෙවීමට අවසර

අර්බුදකාරී ශ්‍රී ලංකාවෙන් ගෙවීම් ලබා ගැනීමේදී අපනයනකරුවන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඉන්දියානු සංචිත බැංකුව (RBI) ඊයේ (19) ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) යාන්ත්‍රණයෙන් පිටත ඉන්දියානු රුපියල්වලින් වෙළඳ ගනුදෙනු පියවීමට අවසර ලබා දී තිබේ. ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යකරණය කිරීම සඳහා State Bank of India (SBI) විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර්…

(0)Comments | May 20, 2022 10:32 am