වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කොට ඒ සඳහා තමාව පත් කරනු ඇතැයි බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාරස්වාමි මහතා වැඩි දුරටත් පවසා සිටියේ මේ අවස්ථාවේ දී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉතා හොඳ කාර්යභාරයක් ඉටු…
පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන ඊයේ (25) කෝප් කමිටුවේ දී විමසා තිබේ. මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහ බැංකු සංචිත යොදා…
වත්මන් ආර්ථික අර්බුදය දක්වා සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් – කෝප් කමිටුවෙන් නිර්දේශ වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු…
පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් සහ එමගින් බැංකු ක්ෂේත්‍රයට ඇති කෙරෙන බලපෑම සැලකිල්ලට ගෙන, බැංකු ක්ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණය සඳහා පහසුකම් සැලසීමට බැංකු අංශයට සහය වීම සඳහා පහත සඳහන් නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
සති 6ක කාලයක් ඇතුළත නව අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී ඊයේ (25) දිනයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු අද දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදී. මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින්…
ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ නියෝජිතායතනය වන වොෂින්ටනයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම (US DFC) වෙතින් ශ‍්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත BPPL Holdings PLC සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ලබා ගැනීමට STF Corporate Advisory සමත් විය. BPPL Holdings PLC යනු ශ‍්‍රී ලංකාවේ…
රටේ වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉස්මතුව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳ ගැටළු, ආහාර සුරක්‍ෂිතතාව සහ ජීවනෝපාය ආශ්‍රිත කරුණු වැනි බහුවිධ බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2022 මැයි 23 වැනි දින කොළඹ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හම්ඩි හමුවිය. ඉදිරි කාලවලදී ඇතිවිය හැකි දුෂ්කරතා පිළිබඳව රජය තුළ අවබෝධයක්…
යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියේ සහයෝගය ලබා දෙන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටත් නිර්දේශ රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමා වැඩි කිරීම සඳහා වන යෝජනාවට…
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය. මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) චරිත හේරත්…
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් මීළඟ මුදල් අමාත්‍යවරයා කවුරුන්ද යන වග තීරණය කරනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (24) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය. නව මුදල් අමාත්‍යවරයෙකු පත් කරන තෙක් ජනාධිපතිවරයා ඔහුට තිබෙන බලතල අනුව වැඩබලන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ඇති බව ඔහු…
Video Story