Top News

මහ කන්නයට පොස්පරස් පොහොර එප්පාවලින් – ජනපතිගෙන් උපදෙස්

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහා ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් යල කන්නයේ වගාව අත නො හරින ලෙස ජනාධිපතිතුමා…

(0)Comments | May 30, 2022 5:08 pm

ශ‍්‍රී ලංකා ඇඟළුම් කර්මාන්තය වෙහෙස මහන්සියෙන් ගොඩනඟාගත් කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට ප‍්‍රමුඛත්වය ලබා දීම අපේ අරමුණයි – JAAF

ගෝලීය ආර්ථික අවපාතයෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පාරිභෝගික ඉල්ලූම පහළ බැසීම මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) එහි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට සහ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ සිය ඉල්ලීම නැවත අවධාරණය කළේය. මෙම අංශයට මුහුණපෑමට සිදුවී ඇති අස්ථාවරත්වය පිළිබඳව අවධානය යොමු කරමින් JAAF සඳහන්…

(0)Comments | May 30, 2022 5:03 pm

ආහාර අර්බුදය උග්‍රවෙලා. ප්ලෑන් B එකක් රජයට නැහැ – සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති

රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් මහ කන්නය විනාශ වූ බවත්, යම් හෙයකින් එම ප්‍රතිපත්තිය අසාර්ථක වුවහොත් ක්‍රියාත්මක කරනු ලබන දෙවන සැලසුම් පිළිබඳව කිසිදු දැනුවත්භාවයක් රජයට හෝ නිලධාරීන්ට නොතිබුණු බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි. අද (30) පෙරවරුවේ විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය….

(0)Comments | May 30, 2022 4:04 pm

BPPL එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදලක් ලබා ගනී

ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදල් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සහ යටිතල පහසුකම් ඉහළ නංවාලීම සඳහා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන BPPL Holdings PLC සූදානම් වේ. BPPL ප්ලාස්ටික් අපද්‍රව්‍ය එහි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිපදවීම පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද…

(0)Comments | May 30, 2022 2:06 pm

ඔස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට එද්දී ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 2 1/2 ක ආදායමක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසයි. ඒ අනුව සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් හා ටෙස්ට් තරඟ 2 ක් පැවැත්වෙන අතර ජූනි 07 දින පැවැත්වෙන විස්සයි 20 තරඟයත් සමඟින් මෙම තරඟාවලිය ආරම්භ වීමට නියමිතය. ඔස්ට්‍රේලියානු…

(0)Comments | May 30, 2022 12:28 pm

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෝක බැංකුවේ සහය පතයි

කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය 2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ ය. ඉදිරි…

(0)Comments | May 30, 2022 11:25 am

කඩදාසි හිඟවීමෙන් ලොකු ලොකු සමාගම්වල වාර්ෂික වාර්තා මුද්‍රණය නවතී

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් විසින් වාර්ෂික ප්‍රකාශයට පත්කරනු ලබන වාර්ෂික වාර්තා මුද්‍රිත පිටපත් ආකාරයෙන් එළිදැක්වීම අනිවාර්යය අංගයයකි. කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසින් රට පුරා කඩදාසි, තීන්ත ඇතුළු මුද්‍රණ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් නිර්මාණය වී ඇත. පවතින තත්ත්වය තුළ තමන් හට වාර්ෂික වාර්තා මුද්‍රිත පිටපත් නිකුත්…

(0)Comments | May 30, 2022 11:07 am

පොහොර ටික ගන්න ඩොලර් ටිකක් එවන්න – ගොවියෝ ඉල්ලති

මේ අවස්ථාවේ දී ගොවීන්ට වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා, මෙරටට ඩොලර් එවන ලෙස මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ පුංචිරාල රත්නායක මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. ඔහු පවසන්නේ මේ අවස්ථාවේ දී වල් නාශක හෝ කෘමි නාශක නොමැතිව වී වපුරා බලා සිටින බවයි. දැනට ලංකාවේ යූරියා තියෙනවා. මෙන්න මේ ටික ‌හොයලා බලලා, මේ ටිකෙන්…

(0)Comments | May 30, 2022 10:40 am

සෙලාන් බැංකුව සාර්ව ආර්ථික අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් 2022 පළමු කාර්තුවේ සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බදු-පසු ලාභය රු. බිලියන 1.1 ක් සෙලාන් බැංකුව, සාර්ව ආර්ථික අභියෝග බහුල වූ කාලපරිච්ඡේදයක තම ඉදිරි ගමනේ යහපත් ප්‍රවණතා අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, 2022 ප්‍රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවතින අතර, ද්‍රවශීලතා…

(0)Comments | May 30, 2022 10:36 am

කර්මාන්තය පවත්වාගෙන යන්න කුකුළු ව්‍යාපාරිකයින් ඩොලර් මිලියන 40 ක් ඉල්ලයි

ඉදිරියේ දී කුකුළු මස් හා බි්ත්තර මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ අජිත් එස් ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඊළඟ මාසය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් ආනයනකරුවන්ට බැංකු හරහා ලබා දෙන්නේ නම්, මෙම කර්මාන්තය ඉදිරි මාස 06 අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි…

(0)Comments | May 30, 2022 8:27 am