ශ්රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් 2022 ජූලි මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව සංකේත හුවමාරු හවුල්කාරිත්වයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර එමඟින් ගුවන් සමාගම් දෙකෙහිම පාරිභෝගිකයින්ට වැඩිදියුණු කළ සම්බන්ධතා සහ පහසුකම් ලබා දීමට හැකි වනු ඇත. ඒ අනුව ගුවන් සමාගම් දෙකම කොළඹ සහ කුවේට් අතර ක්රියාත්මක වන ගුවන් ගමන් සඳහා අනෙකුත්…
පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය. ඒ අනුව අද (05) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට ලිට්රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන කැඳවා තිබේ. කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී…
ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022 ජූනි 24-25 යන දිනවල ජකර්තා MRT (Mass Rapid Transit) පද්ධතියේ ප්රධාන මධ්යස්ථානය වන ජකර්තා හි පිහිටි බුන්දරන් HI MRT පරිශ්රයේ දී සංවිධානය කළේය. සෑම සතියේ දිනකම පුද්ගලයන් 9,842 දෙනෙකු මෙම පරිශ්රය හරහා ගමන් කරන අතර, සෙනසුරාදා දින…
ලොව පුරා භාවිතාවන ගමන් බලපත්ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්ර ශ්රේණිගත කිරීම අනුව එක් එක් රටෙහි ගමන් බලපත්රය කොතරම් බලසම්පන්නදැයි කියනු ලැබේ. එනම් පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව තවත් රටකට යාමට අදාළ ගමන් බලපත්රයට ඇති හැකියාව අනුව එක් එක් රටෙහි ගමන් බලපත්රයට ඇති පිළිගැනීම වෙනස්වනු ඇත. අද වන විට ලොව බලගතුම…
ලොව ඉහළම උද්ධමනයක් තිබෙන රටවල් ලැයිස්තුවේ 9 වැනි තැනට ශ්රී ලංකාව පත්වී තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේ දී මෙරට උද්ධමනය 54.6% ක් බව ජන හා සංඛ්යාලේඛන දොපර්තමේන්තුව පසුගිය දා අනාවරණය කර සිටියේය. මෙම ලැයිස්තුවේ ශ්රී ලංකාවට ඉදිරියෙන් ලෙබනනය, සිම්බාබ්වේ, සුඩානය, වෙනිසියුලාව, සිරියාව, තුර්කිය, ආර්ජන්ටිනාව හා සුරිනාම් යන රටවල් සිටී. මෙම සම්පූර්ණ…
විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 ජුනි 30 වැනි දින විදේශ කටයුතු අමාත්යාංශයේ දී චීන තානාපති චී ෂෙන්හොංග් මහතා හමුවිය. සුහද පිළිසඳරෙන් අනතුරුව, අමාත්ය පීරිස් මහතා චීනය විසින් ශ්රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය අගැයීමට ලක් කළේය. රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත්, ශ්රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇතිකර තිබෙන ඉන්ධන, ආහාර, ඖෂධ සහ…
විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්ය පරිදි යළි අරඹයි කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම පිළිබඳව සලකා බලා, ඒ හා සම්බන්ධ මහජන අවශ්යතා සපුරාලීම පිණිස 2022 ජූලි 04 වැනි දින සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවල දී කොන්සියුලර් කටයුතු අංශය මහජනයා සඳහා විවෘතව පවතිනු ඇත. යාපනය, මාතර, මහනුවර, ත්රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්රාදේශීය කොන්සියුලර් කාර්යාල ද ඒ අන්දමින්ම කටයුතු කරනු…
ලාෆ්ස් ගෑස් සමාගම එල් පී ගෑස් සිලින්ඩර පාරිභෝගිකයා හට කඩිනමින් ලබාදීම සඳහා තම බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු පුළුල් කරයි පසුගිය කාල වකවානුව පුරාම මෙරට මුහුණ දී තිබෙන විදේශ විනිමය හිඟය හේතුවෙන් දේශීය ගෘහස්ත, කර්මාන්ත සහ වාණිජ කටයුතු සඳහා එල් පී ගෑස් ආනයනය කිරීමේ අභියෝගයන් පැවති අතර මාස කීපයක් පුරා මෙරටට ඉල්ලුමට සරිලන එල් පී ගෑස් සැපයුමක්…
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 (-96) යි වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප්රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය….
කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර…
Video Story