පවතින සැපයුම් හිඟය, බලශක්ති සම්බන්ධ ගැටලු සහ සමාජ නොසන්සුන්තාව මගින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරයි. 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ බසිනු ඇති බවට පවසන ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරි මාසවල දී උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. 2022 අංක 04 මුදල් ප්‍රතිපත්ති…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මැයි 11 දින පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් තමා තනතුරෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි. එසේම දේශපාලන අස්ථාවරත්වයක් පවතින අවස්ථාවක මහ බැංකු අධිපති තනතුරුට තමන් නොව වෙන අයෙකු පත්වුවත් එහි නිසි පරිදි කටයුතු කර ගැනීමට යා නොහැකි වනු ඇති…
ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබා ගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (19) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2022 මැයි 18 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 අංක 04 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (19) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව තිබේ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වැනි දින රැස්විය. එහිදී මෙම වසරේ අංක 03 දරන…
ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමක් සිදුකරන්නේ අද (18) දිනයේ දී බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඩොලර් මිලියනයක්වත් ගෙවීමට හැකියාවක් මේ වන විට නොමැති බවයි. මේ අතර හිටපු මුදල් අමාත්‍ය අලි…
මේ වන විට අඩු මුදලට ඉන්ධන මිල දී ගැනීම සඳහා යෝජනා 64 ක් ලැබී ඇති බවත් ඒවායින් 39 ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ ඒවා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) දින පාර්ලිමේන්තු සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් පැවසුවේ එම යෝජනා ඉදිරිපත් කරන ලද සැපයුම්කරුවන්…
කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වන කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප‍්‍රමාණය වීම ප‍්‍රධාන කාර්යසාධන දර්ශක වලට ධනාත්මක සහ සෘණාත්මක ලෙස දැඩිව බලපා තිබේ. කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක…
ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන 1,579 දක්වා පහත වැටී ඇත. වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ කලාපීය රටවල හා සසඳන විට, එසේ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් වන අතර, ආසියාතික රටවල සංචිතවල වැඩිවීමක් දක්නට ලැබේ.
2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළ ද, අඛණ්ඩව දසවන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මේ අතර, ආනයන වියදම්, 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳ හිඟය, පෙර වසරේ අනුරූප…
Video Story