Top News

ඩොලරයේ මිල පහළ යන්න හේතුව මෙන්න

එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් අද (13) දිනයේ දී වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් වාර්තා කර තිබුණි….

(0)Comments | May 13, 2022 2:46 pm

දේශපාලන බල පෙරළි මැද කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශයන් හි දැවැන්ත ඉහළ යාමක් අද (13) දිනයේ දී වාර්තා විය. ඒ අනුව අද දින ප.ව. 12.30 ට දෛනික ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 139.56 කින් ඉහළ ගොස් තිබුණි. මෙය පෙර දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 4.43% ක හා…

(0)Comments | May 13, 2022 1:55 pm

මහ බැංකුවේ ඩොලරයේ මිලත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 355.01 ක් සහ විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් වාර්තා වී තිබේ. ඊයේ (12) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 364.22 ක් හා විකුණුම් මිල රු. 377.49 ක් ලෙසින් සටහන් ව…

(0)Comments | May 13, 2022 1:31 pm

ඩොලරයේ මිල පහතට

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 365.00 ක් දක්වා පහළ ගොස් තිබෙනු දක්නට ලැබේ. ඊයේ (12) දිනයේ දී වානිජ බැංකුවලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් සටහන්ව තිබුණි. අද දිනයේ මේ දක්වා යාවත්කාලීන වූ තොරතුරුවලට අනුව එක් එක් බැංකුව විසින් ඩොලරයක විකුණුම් මිල…

(0)Comments | May 13, 2022 10:35 am

වසරේ මේ දක්වා ඩොලරය හමුවේ රුපියල 44%කින් බාල්දු වෙලා

2022 වසරේ මාර්තු මස මුල සිට විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන අවප්‍රමණය වීමක් නිරීක්ෂණය කරන ලදී. 2022 වසරේ මාර්තු මස මුල් සති්යේ දී විනිමය අනුපාතිකය තීරණය කිරීමේ දී ක්‍රමානුකූලව ගැලපීමක් සඳහා ඉඩ හැරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2022 වසරේ මාර්තු මස මුල් දක්වා එක්සත් ජනපද ඩොලරයට ශ්‍රී ලංකා රුපියල් 202-203ක්ව පැවති විනිමය අනුපාතිකය යම් අවප්‍රමාණයකට ලක් විය. නමුත්…

(0)Comments | May 13, 2022 10:23 am

ගනුදෙනු සඳහා බැංකු ශාඛා අද දින විවෘත වේලාවන් මෙන්න

අද (13) දිනයේ මෙරට වානිජ බැංකු ගණනාවක්ම සිය ශාඛා, ගනුදෙනු සඳහා විවෘත කෙරෙන වේලාවන් දැනුම් දී තිබේ. ඒ අනුව බැංකු කිහිපයකම ශාඛා පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා ත්, තවත් බැංකු කිහිපයක ශාඛා පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා ත් ගනුදෙනු කටයුතු සඳහා විවෘතව තැබෙන බව එම බැංකු විසින් නිවේදනය කර ඇත. එක් එක් බැංකුවල…

(0)Comments | May 13, 2022 8:20 am

රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නිවේදනය

සඳුදා දිනයේදී කොළඹ නගරයේ වීදීවල සහ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල හටගත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ අවාසනාවන්ත සිදු වීම් හා ජීවිත හානි පිළිබඳව අප අතිශය කණගාටු වන්නෙමු. රටේ පවත්නා තත්වය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම ජනතාවගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට බලපාන ආකාරය සහ ඉන් ඔවුන් පත්ව ඇති අසරණභාවය පිළිබඳව අප අවබෝධ කරගෙන සිටින අතර…

(0)Comments | May 12, 2022 12:55 pm

ඩොලරය රු. 395 යි. ජාත්‍යන්තර බැංකුවක් කියයි

අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් බව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙලෙස අද (12) දින මේ දක්වා යාවත්කාලීන විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් සඳහන් කර තිබූ බැංකු කිහිපයක් පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 380.00 සම්පත් බැංකුව…

(0)Comments | May 12, 2022 11:52 am

අද බැංකු විවෘත වෙන්නේ මෙහෙමයි

අද (12) දිනයේ දී පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැය 2ක කාලයක් සඳහා සිය බැංකු ශාඛා ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බව බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම නිවේදනය කර ඇත. පහත දැක්වෙන්නේ එක් එක් බැංකුව විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇති ආකාරයයි.  

(0)Comments | May 12, 2022 8:51 am

කොටස් වෙළෙඳපොළ විවෘතයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද (12) දින යළි විවෘත වනු ඇත. ඒ අනුව අද (2022 මැයි 12 වැනි බ්‍රහස්පතින්දා) පෙ.ව. 10.30 සිට දහවල් 12.30 දක්වා දෛනික ගනුදෙනු සැසිය පැවැත්වෙනු ඇත.

(0)Comments | May 12, 2022 5:42 am