ධම්මික පෙරේරා මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. මේ අතර ඔහු විසින් සභාපති/ අධ්යක්ෂ තනතුරු දැරූ ලැයිස්තුගත සමාගම්වලින් ඉවත් වී ඇති බව අදාළ සමාගම් විසින් නිල වශයෙන් මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් ධම්මික පෙරේරා මහතා පක්ෂ සාමාජිකත්වය ලබා…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙසින් ධම්මික පෙරේරා මහතා නම් කරමින් මැතිවරණ කොමිසම වෙත වෙත ඔහුගේ නම නිල වශයෙන් යවා ඇති බව වාර්තා වේ. මේ අතර ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධූරය ලබා ගැනීම වෙනුවෙන් තමන් දරනු ලබන සියලුම සමාගම් අධ්යක්ෂ ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරයි….
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්ය ආචාර්ය විවියන් බාලක්රිෂ්ණන් මහතා සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 ජූනි 8 සිට 9 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය. ශ්රී ලංකාවේ විදේශ අමාත්යවරයකු මෙලෙස සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූයේ සිව් වසරකට පසුව ය. විදේශ කටයුතු අමාත්යවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරු විදේශ කටයුතු අමාත්යවරයා…
මේ දක්වා ආරක්ෂක අමාත්යංශ ශීර්ෂය යටතේ තිබූ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්රී ලංකා ටෙලිකොම්, ශ්රී ලංකා ප්රමිති ආයතනය, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ඇතුළු දෙපාර්තමේන්තු, ව්යවස්ථාපිත ආයතන හා රාජ්ය සංස්ථා 15 ක් ඇතුළත් වන පරිදි ‘තාක්ෂණ හා ආයෝජන ප්රවර්ධන අමාත්ය‘ නමින් නව අමාත්යාංශයක් නම් කර තිබේ. මීට…
ශී්ර ලංකාවේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සියළුම අංශ දුර්වල වෙමින් පවතී. ඒ නිසා රටේ ජීවත්වන දරුවන්ගෙන් භාගයකට ආසන්න ප්රමාණයකට කිසියම් ආකාරයක මානුෂීය ආධාර අවශ්යවන තත්වයක් උදාවී ඇත. ඉදිරි මාස හතර තුළ වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනයේ හදිසි අවශ්යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන් විසින් ආධාර ඉල්ලා ඇත. ඉදිරි මාස හත තුළ දරුවන්ගේ ඉහළ යන අවශ්යතාවලට ප්රතිචාර…
2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්රතිපත්ති වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්රමාණයක් රටට අහිමි වූ බව ප්රකාශ කිරීම සාධාරණ නොවන බවත් ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සිමා හේතුවෙන් ඇති වූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික සංකෝචනය ඇතුළු හේතුන් බලපෑ බව මුදල් අමාත්යාංශයේ…
පසුගිය ජූනි 02 වැනි දින ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්ය හොන්ඩා ටාරෝ මහතා හමු වූ තානාපති සන්ජිව් ගුණසේකර මහතා, ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හා ශ්රී ලංකාව සහ ජපානය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ආශ්රිත කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේ ය. දෙරටේ ජනතාව අතර පවතින මිත්රත්වයේ ශක්තිමත් බැඳීම් පිළිබඳව සිහිපත් කළ උපඅමාත්යවරයා, ජනතාව අතර…
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, මේ වන විට තිබෙන විදෙස් රැකියා සඳහා අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම් ආරම්භ කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය වන http://www.slbfe.lk/ වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය. මේ අතර ජපන් රැකියා අපේකෂකයින් හට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටින්නේ සඳහන් කර ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් අද (09) දිනයේ දී වාර්තා විය. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 108.44 ක හා S&P SL20 දර්ශකයේ ඒකක 38.65 ක වර්ධනයක් වාර්තා කරන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,881.13 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක…
වර්තමානයේ දී ශ්රී ලංකාවට අවශ්ය කරනු ලබන තෙල්. පිටි, පොහොර ගෙන්වන්නේ තමන් මුදල් අමාත්යවරයා ලෙස සිදුකළ සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙසින් බව හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අද (09) පෙරවරුවේ පැවති විශේෂ මාධ්ය හමුවක දී ඔහු මේ බව පැවසූ අතර තමන් රාජ්ය පාලනයෙන් ඉවත් වන බවත් දේශපාලනයෙන් ඉවත් නොවන බවත් මෙහිදී කියා සිටියේය. ඔහු වැඩිදුරටත්…
Video Story