Top News

සමාජ මාධ්‍යවල පැතිර යන කරුණක් ගැන මහ බැංකුවෙන් පණිවුඩයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අතර ආරවුලක් පවතින බවට සමාජ ජාලා මාධ්‍යයන් හි පැතිර යන ඇතැම් ප්‍රවෘත්ති පිළිබඳව මහ බැංකුවේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙහිදී මහ බැංකු අධිපතිවරයා එවැනි සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවත්,…

(0)Comments | June 7, 2022 12:36 pm

වත්මන් ආර්ථික අභියෝග සඳහා විදෙස් දූත මණ්ඩල මගින් විසඳුම් සෙවීමට සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සහ විදෙස් රටවල පිහිටි දූත මණ්ඩල මගින් ඊට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දාල් වීරසිංහ මහතා සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය මෙන්ම සියලුම විදෙස් දූත මණ්ඩලවල ප්‍රධානීහු අද (07) දින වෙබිනාර් සාකච්ඡාවකට සහභාගී…

(0)Comments | June 7, 2022 11:48 am

චීනයෙන් තට්ටු නිවාස 1,888 ක තෑග්ගක් ශ්‍රී ලංකාවට

තමා මීට පෙර අගමැති ධූරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1,888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස පිරිනමා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවේදී ය. තව ද මෙම නිවාස වලින් නිවාස 188ක් කලාකරුවන් වෙනුවෙන් වෙන් කර ඇති…

(0)Comments | June 7, 2022 11:40 am

2022 විසර්ජන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

රට තුළ පැන නැඟී ඇති දුෂ්කර ආර්ථික වාතාවරණය හේතුවෙන් 2022 වර්ෂයේ මුල් කාර්තුවේ මැද භාගයේ සිට විසර්ජන පනත මඟින් ප්‍රතිපාදන වෙන් වී තිබූ කාර්යයන්ට අමතරව වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වියදම් දැරීමට සිදු වීම මෙන්ම 2022 වර්ෂය සඳහා විසර්ජන පනත සම්මත කරන අවස්ථාවේදී පැවති අමාත්‍යාංශ ව්‍යුහය මේ වන විට සැලකිය යුතු පරිදි වෙනස් වීම හේතුවෙන් 2021…

(0)Comments | June 7, 2022 11:28 am

ඉන්ධන සඳහා සලාක ක්‍රමයක්

පවතින තත්ත්වය තුළ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. “ඉන්ධන සඳහා අපට මාසයකට වැය වෙන මුදල ඩොලර් මිලියන 500ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප…

(0)Comments | June 7, 2022 10:53 am

වත්මන් විනිමය අනුපාතික සැකැස්ම: පසුබිම, මේ දක්වා ඇතිවූ ධනාත්මක බලපෑම සහ අපේක්ෂිත ප්‍රතිඵල

මෙම සටහන මඟින් මහජනතාවට වත්මන් විනිමය අනුපාතික සැකැස්මේ පසුබිම, මේ වනවිටත් එමඟින් සිදු වී ඇති ධනාත්මක බලපෑම සහ ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලි කිරීමට අදහස් කෙරේ. මේ වන විට රට අතිශය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින අතර ඉතිහාසයේ දරුණුතම ගෙවුම් තුලන අර්බුදයද අත්විදිමින් සිටී. දේශීය විදේශ විනිමය වෙළදපොළෙහි ද්‍රවශීලතාවය අඩු වීම හමුවේ විනිමය…

(0)Comments | June 7, 2022 9:24 am

ශ්‍රී ලංකාවේ හැදෙන සුපිරි වෑන් රථය මෙන්න. මිල රු. ලක්ෂ 68 යි

වාසනා ට්‍රේඩින් ලංකා විසින් මෙරට දී එකලස් කර වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන SAW LANKA KEYTON M 70 සුඛෝපභෝගී ද්විත්ව කාර්යය වෑන් රථය එළඹෙන ජූනි 10 වෙනි දින ශ්‍රී ලංකා වෙළෙඳපොළට එක්කරනු ලබන බව වාසනා ට්‍රේඩින් ලංකා (පුද්) සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි. අද දෙරණ Business කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වැඩිදුරටත්…

(0)Comments | June 6, 2022 4:40 pm

කොටස් වෙළෙඳපොළ අද වේලාසනින්ම වැසී යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය අද (06) දිනයේ දී නියමිත වේලාවට කලින් අවසන් කිරීමට සිදුව තිබේ. කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. මේ අනුව කොටස් වෙළෙඳපොළ වසා දමනු ලැබූ අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 301.84 කින්…

(0)Comments | June 6, 2022 12:39 pm

ගිනි නිවන සමාගමක් කොටස් වෙළෙඳපොළට

කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙන නවතම සමාගම වන Alpha Fire Services Limited හි කොටස් හෙට (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ Empower පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය. මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 2.76 ක්, හඳුන්වා දීමේ (Introduction) ක්‍රමවේදය ඔස්සේ ලැයිස්තුගත කෙරෙනු ඇත. Empower පුවරුවේ “2010 – Capital Goods” කාණ්ඩය යටතේ Alpha Fire Services Limited  කොටස්…

(0)Comments | June 6, 2022 11:19 am

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයෙන් නිවේදනයක්

රටේ පවතින තත්ත්වය හමුවේ රජය මුහුණපා සිටින ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සහය වීමට පාම් තෙල් කර්මාන්තය සූදානම් ශ්‍රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තය සාපේක්ෂව කුඩා වන නමුත්, මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීමේ හැකියාව එය සතු ය. ඔයිල් පාම් යනු ලොව වඩාත්ම ඵලදායී සහ ලාභදායී භෝග අතරින් එකකි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට එම කර්මාන්තය…

(0)Comments | June 6, 2022 10:34 am