ලංකා විදුලිබල මණ්ඩලය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයට අමතරව ලබන 07 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියද ලබන 08 වැනිදා මොරටුව විශ්ව විද්යාලයද කෝප් කමිටුව…
Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත් වරක් තහවුරු කළේ ය. ඒ වෙනුවෙන් සහන වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දීමට Uber Eats මේ වනවිට කටයුතු යොදා ඇත. මෙහි එක් පියවරක් වශයෙන්…
2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්ය ප්රධානී කට්සුකී කොටාරෝ මහතා ද්විපාර්ශ්වික කටයුතු, දේශීය වර්ධනයන් සහ ශ්රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්යන්තර ප්රජාව ලබා දෙන සහය හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. විශේෂයෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගත ව්යාප්තියේ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2019 වසරේ අග භාගයේ දී ශ්රී ලංකාව ලිහිල් බදු ක්රමවේදයක් හඳුන්වා දෙන ලදී. කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය හා සඵල සේවා සඳහා බදු නිදහස් කිරීම්, බදු අඩු කිරීම් සහ බදු විරාම වැනි බදු සහන ගණනාවක් හඳුන්වා දෙමින්, එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීම සහ එකතු කළ…
ශ්රී ලංකාවට පියාසර කිරීමේ දී නැවත ආපසු පැමිණිය හැකිවන සේ සිය ඉන්ධන ටැංකි පූර්ණ මට්ටමින් තබා ගෙන හෝ වෙනත් ස්ථානයකින් නැවත පුරවා ගැනීමට සැලසුම් කර ගෙන ගමන් කරන මෙන් ජාත්යන්තර ගුවන් සේවාවලින් ශ්රී ලංකාව ඉල්ලීමක් කර තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත අදහස් දක්වමින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ රෙහාන් වන්නියප්පා මහතා පවසන්නේ මේ වන විට ගුවන්…
ලංකා නැව් සංස්ථාව සතු Mv.Ceylon Breeze සහ Mv.Ceylon Princess යන නෞකා දෙක 2022 නිරිත දිග මෝසම් කාලය තුළ ජාත්යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීම පිණිස අභිලාෂ ප්රකාශ කිරීම් කැඳවා ඇත. ඒ අනුව, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම නෞකා දෙක වාණිජ කළමනාකරණ ක්රමවේදය යටතේ එකී කාලසීමාව තුළ සේවයේ යෙදවීම…
මේ වන විට පත්කර ඇති අමාත්ය මණ්ඩලයෙහි අමාත්යවරුන් හා අමාත්යංශ සංඛ්යාව, එකී අමාත්යවරයන්ට විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා හා ව්යවස්ථාපිත ආයතන පැවරීම නිශ්චය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබේ. එම අතිවිශේෂ ගැසට් පත්රය ප්රකාරව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්රී ලංකා…
ධීවර සහ ජලජ සම්පත් වගකීමෙන් යුතුව භාවිතා කිරීම තුලින් ශී්ර ලංකාවේ ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්යය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත් වේ. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, සංවර්ධන සහයෝගීතාව සඳහා නෝර්වේජියානු නියෝජිතායතනයේ (Norad) මූල්යාධාර ඇතිව, ශී්ර ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්ර දියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදෙයි….
මහජන බැංකුව විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ. මහජන බැංකුවේ අක්රීය වත්කම් (ණය) කළඹ (NPA) සම්බන්ධෙයන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින්, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට මහජන බැංකුව අපේක්ෂා කරයි. අක්රීය ණය යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිඳු කර නොමැති ණය වේ. මෙය කිසිඳු…
Video Story