Top News

කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 09 කින් ඉඩම් කොටස් 16ක් ආයෝජකයින් වෙත

ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නාලන්ද (මාතලේ), බටඅත, කරන්දෙණිය, උඩුකව, ඇඹිලිපිටිය, කළුතර, මඩකලපුව සහ නවගම්පුර යන කර්මාන්තපුර 09ක ඉඩම් කොටස් 16ක් අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් වෙත වෙන් කර දීම නිර්දේශ කර ඇත. ඒ අනුව, වසර 35ක බදු පදනම මත “වෙනත් පාර්ශ්වයන් සඳහා පැවරීමට නොහැක” යන කොන්දේසිය සහ…

(0)Comments | March 31, 2021 11:25 am

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සේවා පහසුකම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවා ලබා ගැනීම සඳහා එහි ප්‍රධාන කාර්යාලයට, වේරහැර කාර්යාලයට, දිස්ත්‍රික් මට්ටමේ කාර්යාලයන්ට දිනකට විශාල සේවාලාභීන් සංඛ්‍යාවක් පැමිණේ. ඒ හේතුවෙන් සේවාලාභීන් මෙන්ම දෙපාර්තමේන්තු සේවකයින් ද ඇතැම් අවස්ථාවලදී අපහසුතාවලට ලක් වන බැවින් එම තත්ත්වයට පිළියමක් වශයෙන් කල්වේලා ඇතිව සිය සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීම, ඒ සඳහා අංකයක් ලබා ගැනීම,…

(0)Comments | March 31, 2021 11:11 am

තවත් ස්වදේශික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් 25කට ‘Made in Sri Lanka’ සන්නාමය පිරිනමයි

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ස්වදේශීය ව්‍යවසායකයා බලගැන්වීමේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට “Made in Sri Lanka සන්නාමය” පිරිනැමිණි. මේ අනුව දෙවන අදියර යටතේ සුළු හා මධ්‍ය…

(0)Comments | March 31, 2021 10:37 am

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් නව අරමුදල් ප‍්‍රදානයක්

ශ‍්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප‍්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ‍්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති…

(0)Comments | March 30, 2021 5:11 pm

ඉඩම් මැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් රට පුරා

ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවකට පිළිතුරු ලබාදෙමින්ය. විශේෂයෙන් ඉඩම් මැනීමේ කටයුතු විධිමත්ව…

(0)Comments | March 30, 2021 4:16 pm

‘ඉ-ග්‍රාම නිලධාරි’ දෙවන අදියරට ග්‍රාම නිලධාරී වසම් 7,000ක්

ග්‍රාම නිලධාරීන් මඟින් ජනතාවට ලබා දෙන සේවා ආශ්‍රිතව එදිනෙදා රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කර තබා ගැනීමට හා පරිශීලනය කිරීමට අවශ්‍ය වන දත්ත පද්ධතියක් සකස් කිරීම පිණිස ‘ඉ-ග්‍රාම නිලධාරි’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 2016 සහ 2017 වර්ෂවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ග්‍රාම නිලධාරි වසම් 162ක ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියක ප්‍රතිඵල අනුව, දෙවන…

(0)Comments | March 30, 2021 4:11 pm

හෙට ලංකාවට එන සිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයින්ට පමණයි

චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය මෙරට සිටින චීන ජාතිකයින් වෙත පමණක් ලබා දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (30) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදිනියක විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ආනවරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ්…

(0)Comments | March 30, 2021 1:06 pm

ඩොලර් මිලියන 4.96ක වියදමින් දුම්රිය දෙපාර්තුමේන්තුවට Single Sleeper Multiple Tie Tamping යන්ත්‍රයක් ස්විස්ටර්ලන්තයෙන්

දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සිදු කිරීමේ ධාරිතාව වර්ධනය කර ගැනීමට හා නඩත්තු වියදම් අඩු කර ගැනීම පිණිස Single Sleeper Multiple Tie Tamping යන්ත්‍රයක් නිෂ්පාදනය කර භාර දීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 4.96ක මුදලකට M/s Matisa Materiel…

(0)Comments | March 30, 2021 12:23 pm

තුවක්කු ආඥාපනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

අවසන් වරට 1996 අංක 22 දරන පනත මඟින් සංශෝධනය කරන ලද 1916 අංක 33 දරන (182 අධිකාරිය වන) තුවක්කු ආඥාපනත තවදුරටත් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2007 ජුනි මස 13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, වරින් වර ඉදිරිපත් වූ සංශෝධනයන් හේතුවෙන් පනත කෙටුම්පත් කිරීමේ කාර්යය ප්‍රමාද වී…

(0)Comments | March 30, 2021 12:09 pm

Piramal Glass අයිතිය රු. බිලියන 6.22කට විකුණයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත සමාගමක් වන Piramal Glass Ceylon PLC හි ප්‍රධාන කොටස්කරුවා වන Piramal Glass Pvt Ltd සමාගම තමන් සතු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ PGP Glass Pvt Ltd වෙත අද (30) උදෑසන අලෙවි කරන ලදී. මෙහිදී Piramal Glass Pvt Ltd සතුව පැවති කොටස් 536,331,880 ක් හෙවත් 56.45% ක අයිතිය අලෙවි වූ අතර එහිදී එක්…

(0)Comments | March 30, 2021 11:18 am