Top News

ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් – ශ්‍රී ලංකාව සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින්…

(0)Comments | October 2, 2025 11:13 am

මෙතෙක් ඉතිහාසයේ සැප්තැම්බර් මාසයක දී පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය 2025 දී

2025 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 155,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 158,971ක් ලෙසයි. මින් පෙර ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වන 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී ඇත්තේ 149,087ක සංචාරක පැමිණීමක් වන අතර ඒ…

(0)Comments | October 2, 2025 10:42 am

2025 ජාතික Al ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතයේ දැවැන්ත පිම්මක්

2025 සැප්තැම්බර් 29 වන දින, මොනාර්ක් ඉම්පීරියල් හිදී ජාතික Al ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ආරම්භ විය. මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණික බලගැන්වීමෙන් ක්‍රියාත්මක වන අනාගතයක් කරා යන ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර, උද්යෝගශීලී හා හැකියාවන්ගෙන් පිරුණු සමාජයක් නිර්මාණය කිරීම සඳහා දැවැන්න පියවරක් වනු ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-Mobitel විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සහ…

(0)Comments | October 1, 2025 4:55 pm

2025 අගෝස්තු මාසයේ වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවෙයි

ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි. අදාළ වාර්තා පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ. ජංගම ගිණුමේ මාසික…

(0)Comments | October 1, 2025 1:40 pm

තේ අපනයනකරුවන්ට VAT බිය: රුපියල් බිලියන 5.7ක අමතර බරක්

තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි ලංකාවේ තේ කර්මාන්තය පුරාම වැට් (VAT) බද්ද සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. 2025 ඔක්තෝබර් 01 දින සිට SVAT ක්‍රමය අහෝසි වීමත් සමඟ ඇතිවන ගැටළු, විශේෂයෙන්ම මුදල් ප්‍රවාහයේ (Cash Flow) අර්බුද සහ තේ මිල පහත වැටීමේ අවදානම හේතුවෙන් සමස්ත තේ සැපයුම් දාමයම දැඩි කනස්සල්ලට පත්ව ඇත. කොළඹ තේ වෙන්දේසියේදී සතියකට…

(0)Comments | October 1, 2025 12:45 pm

DFCC බැංකුව මෙරට ප්‍රථම “නීල බැඳුම්කරය” නිකුත් කරමින් තිරසාරභාවය සඳහා වූ නව මාවතක් සනිටුහන් කරයි

DFCC බැංකුව මෙරට ප්‍රථම වරට නීල බැඳුම්කරයක් (Blue Bond) නිකුත් කරමින් නවෝත්පාදන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් ආරක්ෂා කිරීම සහ ඒවා තිරසාර අන්දමින් භාවිත කිරීම සඳහා වූ ව්‍යාපෘති සඳහා, මූල්‍ය ආධාර සැපයීමට වෙන් කරන ලද රුපියල් බිලියන 3 ක සමස්ත නිකුතුවකි. ෆිච් රේටින්ග්ස් වෙතින් ‘A(EXP)(lka)’ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට අපේක්ෂිත…

(0)Comments | October 1, 2025 12:00 pm

මාස 08ට ඩොලර් බිලියනයක වාහන ගෙන්නලා

2025 අගොස්තු මාසයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250 ඉක්මවයි ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…

(0)Comments | October 1, 2025 11:36 am

අගෝස්තු මාසයේ ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය තවදුරටත්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගියේය. ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමග ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් ඇත….

(0)Comments | October 1, 2025 8:21 am

2025 මාස 09කදී කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60 ක් දක්වා ඉහළ ගියේය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30 ක ඉහළ යාමකි. මේ අනුව 2025 වසරේ මුල් මාස 09 තුළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 36.59%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | September 30, 2025 5:23 pm

කොළඹ උද්ධමනය ක්‍රමිකව ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එය 2025 අගෝස්තු මාසය සඳහා 1.2%ක් ලෙස වාර්තා වී තිබුණි. 2025 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2.9% දක්වා වැඩි වී ඇති අතර 2025 අගෝස්තු මාසයේ දී…

(0)Comments | September 30, 2025 4:28 pm