Top News

2021 දී ඩොලර් බිලියන 5.1 ක අපනයන ඉලක්කයක් සපුරන බවට ඇඟළුම් කර්මාන්ත හිමියෝ ජනපතිට සහතික වෙති

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද එතුමා පවසයි. ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය….

(0)Comments | March 16, 2021 11:05 am

බිලියන ගණනක බදු අයකරගැනීම ප්‍රමාද වීමට හේතුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෙළිකරයි

හිඟ බදු අයගරගැනීම සම්බන්ධ දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය සහ නඩු කල් යාම නිසා වසර ගණනාවකට අදාළ රු. බිලියන ගණනක විශාල හිඟ බදු මුදලක් මේවන විට අයකරගත නොහැකිව පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. බදුගෙවීම් පැහැරහරින්නන් විසින් අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් තම ගෙවීම් ප්‍රමාද කිරීම සදහා සිය වාසියට යොදා ගන්නා බව…

(0)Comments | March 16, 2021 10:51 am

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක්

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම (SLA) සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කල්බදු පදනම මත ලබාගැනීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා බලඇණිය වඩා පිරිමැසුම්දායී පටු බඳ සහිත ගුවන්යානා විශාල ප්‍රමාණයකින් සමන්විත වී ඇත. ඒ හේතුවෙන් මෑත වසරවලදී උපරිම ප්‍රතිලාභ ලබා දෙන වෙළෙඳපළවල මගී ගුවන් ගමන් මාර්ග ජාලය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ අපනයන…

(0)Comments | March 16, 2021 10:45 am

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය ජනගත කෙරේ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures) ජනගත කිරීම ඊයේ (15) සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකසන ලද මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් මෙරට තුළ අදාළ කර්මාන්ත…

(0)Comments | March 16, 2021 10:10 am

බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් වෙතින් නිවේදනයක්

කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස…

(0)Comments | March 15, 2021 5:11 pm

මගී ප්‍රවාහන සේවයට මහ බැංකුවෙන් ලීසිං සහන

මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව…

(0)Comments | March 15, 2021 4:32 pm

රාජගිරිය, කොට්ටාව ඇතුළු නගර කිහිපයකට උමං පදික මාරු

වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගවල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් ප්‍රතිපාදන…

(0)Comments | March 15, 2021 1:22 pm

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළදී – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසීය. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් එම කමිටු රැස්වීම් සඳහාම වෙන් කර ඇති බවත් වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී හෙතෙම…

(0)Comments | March 15, 2021 12:58 pm

එක්ස්පෝලංකා ඩොලර් මිලියන 2.2කට ඇමරිකාවේ ලොජිස්ටික්ස් සමාගම් 3 ක් මිල දී ගනී

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ EFL Global LLC විසින් එරට ලොජිස්ටික්ස් ව්‍යාපාරයේ නිරත සමාගම් 3 ක් මිල දී ගැනීමට කටයුතු කර තිබේ. මේ සඳහා ආයෝජනය කර තිබෙන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.2 කි. Seville Container Freight Station Inc., Seville Freight Systems Inc., සහ Seville Transfer Ltd යන…

(0)Comments | March 15, 2021 11:50 am

විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සහයෝගීතාව ඇති කිරීමේ වැදගත්කම පිළිබඳ ශ්‍රී ලංකා – ආර්මේනියා සාකච්ඡා

2021 පෙබරවාරි 23 වන දින, තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංස මහතා ආර්මේනියා ජනරජයේ ජනාධිපති ආර්මේන් සර්කිසියන් මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා ආර්මේනියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කළේය. වසංගත රෝග වැළැක්වීමේ අවශ්‍යතාවන්ට අනුකූලව ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවාන්හි ජනාධිපති මන්දිරයේදී සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්…

(0)Comments | March 15, 2021 10:58 am