2022 අප්රේල් මාසයේ ශ්රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 අප්රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87% කින් ඇමරිකානු ඩොලර් මිලියන 915.3 දක්වා වැඩි විය. එය මෙතෙක් අප්රේල් මාසය සඳහා වාර්තා වූ ඉහළම මාසික අපනයන අගයයි. මෙයට ප්රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්රිත නිෂ්පාදන සහ රබර් ආශ්රිත නිෂ්පාදන අපනයන ඉපැයීම්…
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය 2022 අප්රේල් මාසයේ දී වාර්තා වී ඇත. මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද./NCPI , 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය අප්රේල් මාසයේ දී 33.8% ක් ලෙසින් වාර්තා වී…
මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම, පෙට්රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව පැවසූ කමිකරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය….
ශ්රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදි. ශ්රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් මෙහිදී මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්රගතිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ අතර, ශ්රී ලංකාවේ…
අප්රේල් මාසයේ විදෙස් ශ්රමිකයන්ගෙන් ලද ප්රේෂණවල අඩුවීමක් ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2022 අප්රේල් මාසයේ දී විදෙස්ගත ශ්රමිකයින්ගෙන් ලද ප්රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 248.9 ක් ලෙසින් සටහන්ව ඇත. කෙසේ වෙතත් 2022 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 318.4 ක ප්රේෂණ ප්රමාණයක් මෙරටට ලැබී තිබිය දී අප්රේල් මාසයේ දී…
තේ කර්මාන්තයේ සියලුම පාර්ශ්වකරුවන්, එනම් වගාකරුවන්, නිෂ්පාදකයින්, වැවිලි සමාගම් වතු, තැරැව්කරුවන් සහ අපනයනකරුවන්ගෙන් සමන්විත කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය (CTTA) ජාතිය මුහුණ දෙන පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් යුතුව දකී. දීප ව්යාප්ත විරෝධතාවලින් අනතුරුව මෑතකාලීනව සිදු වූ සිදුවීම් හේතුවෙන් සිදු වී ඇත්තේ සාමාන්ය ජන ජීවිතයට සහ ව්යාපාරවලට බාධා ඇති කරමින් තත්ත්වය තවත් උග්රවීම පමණි. වත්මන් රටෙහි…
ඇතැම් අත්යාවශ්ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේ දී අනුමනය කළ යුතු ක්රියාමාර්ග සඳහන් කරමින් ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්රලාභී වානිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දැනුම් දීමක් සිදුකර තිබේ. බැංකු පද්ධතිය තුළ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හා විදේශ විනිමය ද්රවශීලතාවය පවත්වාගෙන යාමේ අරමුණු ඇතිව ශ්රී ලංකා මහ බැංකුව විසින් මුදල් මණ්ඩලයේ නිර්දේශ…
ශ්රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, 2022 මූල්ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 2.7 ක් ලෙස වාර්තා වීම, අභියෝගකාරී ආර්ථික…
වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට ලබන සතියේ කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්රී ගරු අනුර ප්රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය සතියේ (19) දී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි. තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන…
ප්රවීණ මූල්ය විශ්ලේෂක, රවී අබේසූරිය, CFA, FCMA, CGMA, MBA ගැටලුවට මුල දේශපාලන සංස්කෘතියේ පිරිහීම පිළිබඳ ගැටලුව විසඳීමට ඇති එක් ප්රයෝගික හා ඵලදායී මාර්ගයක් වන්නේ මැතිවරණවලට තරඟ කිරීම සඳහා නුසුදුසු චරිත නම් කිරීමේ පිළිගත නොහැකි පුරුද්ද අවසන් කිරීමයි. අඩු වැඩි වශයෙන් මෙරට පක්ෂ ක්රමය විසින් ඇති දැඩි කොට නඩත්තු කරන හා අන්යෝන්ය වශයෙන් පක්ෂ හා එම…
Video Story