ඉතිහාසයේ පළමු වතාවට ශ්රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමක් සිදුකරන්නේ අද (18) දිනයේ දී බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ ඩොලර් මිලියනයක්වත් ගෙවීමට හැකියාවක් මේ වන විට නොමැති බවයි. මේ අතර හිටපු මුදල් අමාත්ය අලි…
මේ වන විට අඩු මුදලට ඉන්ධන මිල දී ගැනීම සඳහා යෝජනා 64 ක් ලැබී ඇති බවත් ඒවායින් 39 ක් ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි මට්ටමේ ඒවා බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) දින පාර්ලිමේන්තු සභාව අමතමින් අමාත්යවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් පැවසුවේ එම යෝජනා ඉදිරිපත් කරන ලද සැපයුම්කරුවන්…
කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වන කාර්තුව තුළදී සමබර මූල්ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප්රමාණය වීම ප්රධාන කාර්යසාධන දර්ශක වලට ධනාත්මක සහ සෘණාත්මක ලෙස දැඩිව බලපා තිබේ. කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක…
ශ්රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන 1,579 දක්වා පහත වැටී ඇත. වසංගතය අතරතුර ශ්රී ලංකාවේ කලාපීය රටවල හා සසඳන විට, එසේ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ ශ්රී ලංකාවේ පමණක් වන අතර, ආසියාතික රටවල සංචිතවල වැඩිවීමක් දක්නට ලැබේ.
2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළ ද, අඛණ්ඩව දසවන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මේ අතර, ආනයන වියදම්, 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කළේය. එහි ප්රතිඵලයක් ලෙස, වෙළඳ හිඟය, පෙර වසරේ අනුරූප…
රනිල් වික්රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කළේ, ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයෙකු බැවින් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බවත්, ඔහු ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. චන්ද්රෙස්න මහතා පවසයි. අද (17) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. අපි දැන් එක්සත් ජාතික පක්ෂයේ තනි පුද්ගලයා වශයෙන් ඉන්න, රනිල්…
අද (17) දිනයේ දී ශ්රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 364.73 ක් ලෙසින් දක්වා ඇති අතර ගැනුම් මිල සටහන් වන්නේ රු. 354.76 ක් වශයෙනි. මේ අතර අද දිනයේ මෙරට බලපත්රලාභී වානිජ බැංකු ගණනාවක්ම ඩොලරයක විකුණුම් මිල රු. 365.00 ක් ලෙසින් දක්වා තිබුණි. ඒ අනුව බලපත්රලාභී වානිජ බැංකු…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 359.24 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 4.44% ක ඉහළ යාමකි. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,457.65 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 157.19…
ශ්රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේ දී දරා ඇති වියදම ඩොලර් මිලියන 519.8 ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් පරිදි 2012 න් පසු ඉන්ධන ආනයනය සඳහා වැඩිම විදයමක් දරා ඇති මාසය වන්නේ 2022 මාර්තු මාසය යි. මෙහි ඇති විශේෂත්වය නම් 2022 මාර්තු මාසයේ දී බොරතෙල් ආනයනය…
මේ වන විට ආයෝජන මණ්ඩල කර්මාන්ත ශාලා අපනයනය සඳහා සූදානම් කර තිබෙන භාණ්ඩවලින් පිරී ඇති බවත්, අපනයන බහාලුම් ප්රවාහනය සඳහා තම රථවලට ඔටෝ ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් නොකළ හොත් අපනයන බහාලුම් ප්රවාහනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවත් සමස්ත ලංකා බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. මාධ්ය වෙත අදහස් දක්වමින්…
Video Story