“මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය…
මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම වෙනුවෙන් එම තනතුර භාර ගැනීමට තමන් සූදානම් බවයි. මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල්…
වර්තමානයේ දී රට මුහුණ පා සිටින අවිනිශ්චිත හා අනාරක්ෂිත ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ඇති ප්රශස්තම විසඳුම රටේ ආර්ථික යාන්ත්රණය පෙරට වඩා වේගවත්ව සහ අඛණ්ඩව ක්රියාත්මක කිරීම පමණක්ම බවත් ඒ සඳහා පාලකයින්ගේ සහ සමස්ත වැඩකරන ජනතාවගේ කැපවීම 100%ක්ම රට විසින් අපේක්ෂා කරන බවත් ශ්රී ලංකාවේ පුද්ගලික අංශයට සම්බන්ධ සංගම් 8 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…
කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්ය ජාල ඔස්සේ ප්රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී. නිසි ක්රියා පටිපාටියකින් තොරව ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා ඇති බවට විවිධ මාධ්ය හෙළිදරව් කිරීම් සහ වාර්තා ප්රසිද්ධියේ සාවද්ය තොරතුරුවලට තුඩු දෙයි. එබැවින් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය…
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2022 මැයි 06 වන දින මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශ්රී ලංකා හරිත මූල්ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) හඳුන්වා දෙනු ලැබීය. ශ්රී ලංකා හරිත මූල්ය වර්ගීකරණය යනු පාරිසරික වශවයන් තිරසාර ආර්ථික ක්රියාකාරකම් නිර්වචනය කර වර්ගීකරණය කරන පද්ධතියක් වන අතර, එය 2019 දී මහ බැංකුව විසින්…
එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් අද (13) දිනයේ දී වාර්තා විය. ශ්රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් වාර්තා කර තිබුණි….
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශයන් හි දැවැන්ත ඉහළ යාමක් අද (13) දිනයේ දී වාර්තා විය. ඒ අනුව අද දින ප.ව. 12.30 ට දෛනික ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 139.56 කින් ඉහළ ගොස් තිබුණි. මෙය පෙර දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 4.43% ක හා…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 355.01 ක් සහ විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් වාර්තා වී තිබේ. ඊයේ (12) දිනයේ දී ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 364.22 ක් හා විකුණුම් මිල රු. 377.49 ක් ලෙසින් සටහන් ව…
මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 365.00 ක් දක්වා පහළ ගොස් තිබෙනු දක්නට ලැබේ. ඊයේ (12) දිනයේ දී වානිජ බැංකුවලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් සටහන්ව තිබුණි. අද දිනයේ මේ දක්වා යාවත්කාලීන වූ තොරතුරුවලට අනුව එක් එක් බැංකුව විසින් ඩොලරයක විකුණුම් මිල…
2022 වසරේ මාර්තු මස මුල සිට විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන අවප්රමණය වීමක් නිරීක්ෂණය කරන ලදී. 2022 වසරේ මාර්තු මස මුල් සති්යේ දී විනිමය අනුපාතිකය තීරණය කිරීමේ දී ක්රමානුකූලව ගැලපීමක් සඳහා ඉඩ හැරීමේ ප්රතිඵලයක් ලෙස, 2022 වසරේ මාර්තු මස මුල් දක්වා එක්සත් ජනපද ඩොලරයට ශ්රී ලංකා රුපියල් 202-203ක්ව පැවති විනිමය අනුපාතිකය යම් අවප්රමාණයකට ලක් විය. නමුත්…
Video Story