Top News

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක විසිදහස ඉක්මවා නතරවෙයි

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි. ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය. මීට පෙර…

(0)Comments | August 15, 2025 3:12 pm

2026 මැද භාගයේ දී උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වන බව මහ බැංකුව පවසයි

2025 වසරේ තෙවන කාර්තුවේ දී මෙරට අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව පුරෝකතනය කර ඇත්තේ මැදි කාලීනව, උද්ධමන ගමන් මගෙහි තාවකාලික ඉහළ යෑම් ඇති වුවත්, උද්ධමනය 5% ඉලක්කය ආසන්නයේ…

(0)Comments | August 15, 2025 12:43 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව, මහ බැංකුව 2025 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන්ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම ඒවායේ පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව හරහා මෑත කාලීන…

(0)Comments | August 15, 2025 11:15 am

ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයට ඇමරිකානු සමාගම්වලට ජූලි චන්ග්ගෙන් ආරාධනා

මෙරට වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයට සම්බන්ධ වන ලෙස ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අමරිකානු සමාගම් වලට ඊයේ (14) ආරාධනා කළා ය. ඇමරිකානු ආයතන 50ක පමණ නියෝජිතයන් සමග මාර්ගගතව මෙම සාකච්ඡා සිදු වී ඇති අතර ඉන්දීය හා ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ කාර්යභාරයක් ශ්‍රී ලංකා වරාය ආශ්‍රිතව සිදු වන බවත් ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස වරාය…

(0)Comments | August 15, 2025 10:50 am

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි. මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු…

(0)Comments | August 15, 2025 8:17 am

PickMe සහායෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 7 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (14) දිනයේ දී වාර්තා වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 46.83කින් පහළ ගොස් ඒකක 19,928.67ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 35.06කින් පහළ ගොස් ඒකක 5,780.58ක් ලෙසින් වාර්තා විය. මිල දර්ශකවල පහළ යාමට හේලීස්, සම්පත් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, කාර්ගිල්ස් සහ NDB යන සමාගම්වල කොටස්…

(0)Comments | August 14, 2025 4:25 pm

බේරේ වැවට නුදුරේදීම ජල ගුවන්තොටුපළක්

කොළඹ බේරේ වැව ආශ්‍රීතව ඉතාමත් නුදුරේදීම ජල ගුවන්තොටුපළක් (Water Aerodrome) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගනය) රංගන සමන්ප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටයේ අද (14) දින විකාශ්‍ය වූ දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි. මේ වන විටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා සංවිධානය…

(0)Comments | August 14, 2025 3:58 pm

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.08.12 දින පැවති රජයේ මුදල්…

(0)Comments | August 14, 2025 3:54 pm

වසර 40කට වඩා පැරණි කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ මහල් නිවාස ප්‍රතිසංවර්ධනය කිරීමේ සැලසුමක්

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ, ලබන වසරේ දී ප්‍රතිසංවර්ධන කිරීමට සැලසුම් – ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. ඒ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික…

(0)Comments | August 14, 2025 12:26 pm

දින 10ක දී සංචාරකයින් 77,482ක් දිවයිනට, වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

අගෝස්තු මාසයේ පළමු දින 10 තුළ දී 77,482ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 සීමාව ඉක්මවා ඇති බවයි. ඒ අනුව වසරේ මේ…

(0)Comments | August 14, 2025 10:53 am