Top News

වරායේ සිරවූ BYD රථ එළියට

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින BYD රථ වාහනයන් හි තෝරාගත් මාදිලි කිහිපයක් මුදා හැරීම සඳහා, අතුරු සහනයක් ඉල්ලමින් BYD රථවාහනවල මෙරට බලයලත් බදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd (JKCG) විසින් පසුගිය අගෝස්තු 04 දින අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණි. එහිදී රේගුව විසින් රඳවා තබාගෙන ඇති එම…

(0)Comments | August 8, 2025 2:03 pm

2025 මුල් මාස 07දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 4.43ක්. සංචාරක ආදායම ඩොලර් බිලියන 2 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජූලි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 697.3 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව වසරේ මුල් මාස 07 තුළ දී ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන ඩොලර් බිලියන 4.43 ක් දක්වා…

(0)Comments | August 7, 2025 6:46 pm

විදෙස් සංචිතය 1%කින් ඉහළට

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි. මේ අතර මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී දේශීය විදේශ විනිමය…

(0)Comments | August 7, 2025 6:18 pm

2025 මුල් මාස 06 දී ඩොලර් මිලියන 500 ඉක්ම වූ සෘජු විදෙස් ආයෝජන මෙරටට

මෙම වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 507ක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එය 2024 වසරේ පළමු මාස 6 තුළ වාර්තා වී ඇති සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වූ ඩොලර් මිලියන 252 හා සැසදීමේ දී 101%ක වර්ධනයක් බවයි. තව ද මෙම…

(0)Comments | August 7, 2025 2:27 pm

බදු පොලු තැබූ ප්‍රධාන 200 දෙනාගේ ලැයිස්තුව ජනපති අතේ

බදු ගෙවීම මග හැර සිටින පිරිස් බදු ගෙවීම සඳහා පෙළඹවීම වෙනුවෙන්, මෙරට රාජ්‍ය ආදායමට දායකත්වය ලබාදෙන ප්‍රධාන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගතකරණය කරමින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන…

(0)Comments | August 7, 2025 1:45 pm

ඩොලරය ගැන අවිනිශ්චිතතාවක් නැහැ – ජනපති සහතික වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය වසරක කාලයක් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (07) පාර්ලිමේනතුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයක් අතරතුර ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙලෙස වසරකට ආසන්න කාලයක් පුරා රුපියල් 300ක් වැනි ස්ථාවර මට්ටමක ඩොලරය පවත්වා ගෙන යෑමට හැකි වීම මෙරට ආර්ථිකය තුළ වැදගත් සාධකයක්…

(0)Comments | August 7, 2025 1:24 pm

මහ බැංකුව මිල දී ගත් ඩොලර් ප්‍රමාණය 2025 මුල් මාස 06 දී බිලියනය පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ පළමු භාගය තුළ දී දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ඩොලර් බිලියන 1 ක් ඉක්ම වූ මිලදී ගැනීම් සිදු කර ඇති බව නවතම වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. ඒ අනුව 2025 වසරේ පළමු භාගය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මිලදී ගැනීම් එ.ජ.ඩොලර් මිලියන 1,077.4ක් සිදු…

(0)Comments | August 7, 2025 1:07 pm

2025 මුල් මාස 06 දී රජය රු. ට්‍රිලියන 1.2ක ණය පොලී ගෙවයි

රජය විසින් 2025 වසරේ මුල් භාගය තුළ දී රු. බිලියන 1,264.6ක ණය පොලී ප්‍රමාණයක් ගෙවා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මෙය 2024 අදාළ එම කාලපරිච්ඡේදය තුළ ගෙවා තිබුණු රු. බිලියන 1,142.1ක ණය පොලී ප්‍රමාණය හා සැසඳීමේ දී 10.7%ක වර්ධනයක් වේ. මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවක මේ බව සඳහන්ව ඇත. එහිදී…

(0)Comments | August 7, 2025 11:04 am

ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එක්වෙති

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20% තීරු බද්ද සම්බන්ධව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (06 වනදා) සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමේදී ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාව සදහා එක්වූහ. ශ්‍රි ලංකා අපනයන සංවර්ධන…

(0)Comments | August 6, 2025 4:28 pm

මහ බැංකුව කැසිනෝ සමාගම් දෙකකට සහ රාජ්‍ය බැංකුවකට දඩ පනවයි

මෙරට ක්‍රියාත්මක කැසිනෝ සමාගම් දෙකකට සහ රාජ්‍ය බැංකුවක් වෙත පරිපාලනමය දණ්ඩන පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ. මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම…

(0)Comments | August 6, 2025 4:20 pm