Top News

“Industry Expo 2025” වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹෙයි

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලබන “Industry Expo 2025” වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය අද (18) ආරම්භ කෙරේ. ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද උදෑසන BMICH හිදී…

(0)Comments | September 18, 2025 12:01 pm

ඩොලර් 720,000ක Ashok Leyland Garbage Truck අපනයන ඇණවුමක් මුදා හැරීම අද

කර්මාන්ත අමාත්‍යාංශයේ හවුල්කාරිත්වය සහිත Ashok Leyland ආයතනය ඩොලර් 720,000ක වටිනාකමින් යුත් Garbage Truck රථ වලින් සමන්විත අපනයන ඇනවුමක් අද (18) දිනයේ දී මුදා හැරීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එහි මෙරට අගය එකතු කිරීම 39% සිට 42% ක් පමණ දක්වා වන බවයි. සිය ෆේස්බුක් ගිණුමෙහි…

(0)Comments | September 18, 2025 11:16 am

මහ බැංකුවෙන් තීරණයක් ලබන බදාදා

2025 අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2025 සැප්තැම්බර් මස 24 වැනිදා බදාදා පෙරවරු 7.30ට දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසර සඳහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත 5 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය වන අතර මීට පෙර අවසන් වරට සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය…

(0)Comments | September 18, 2025 11:09 am

ශ්‍රී ලංකා TechFront Fortnight 2025 – ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ පළමු පියවර

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නම් කර ඇති පරිදි මෙරට ඩිජිටල් මාසය තුළ එන ප්‍රමුඛ වැඩසටහනක් ලෙස 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත Sri Lanka TechFront Fortnight 2025 පෙන්වා දිය හැක. තාක්ෂණය, නවෝත්පාදනය සහ AI මඟින් ඩිජිටල් පරිවර්තනය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙය, කලාපයේ දැවැන්තතම ඩිජිටල් උත්සවය වන අතර, ශ්‍රී ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක්…

(0)Comments | September 18, 2025 9:18 am

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඛනිජ තෙල් ටැංකි 6ක ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි

ඉන්ධන ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු ඊයේ (17) ආරම්භ කරමිනි. කොළොන්නාව ඛනිජ…

(0)Comments | September 18, 2025 9:04 am

රජය ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට ඔටෝමොබයිල් සහ විද්‍යුත් උපකරණ ආනයනකරුවන්ගේ පූර්ණ සහය

ඔටෝමොබයිල් සහ විද්‍යුත් උපකරණ ආනයනකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඔටෝ මොබයිල්…

(0)Comments | September 17, 2025 10:10 am

බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක්

බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊ (16) පස්වරුවේ පැවැත්විණි. මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට බැංකු ක්ෂේත්‍රයේ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඊට…

(0)Comments | September 17, 2025 9:15 am

සමුද්‍රයීය කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ අවධානය

සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක්‍ සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවැත්විණි. සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධ පාර්ශ්වකරුවන් විසින් මෙහිදී සිය ක්ෂේත්‍රවලට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කරන ලද අතර,…

(0)Comments | September 17, 2025 8:53 am

දින තුනකට පසු කොටස් වෙළඳපොළ ඉහළට

දින තුනකට පසු කොටස් වෙළඳපොළ මිල දර්ශක වල යළි ඉහළ යාමක් අද(16) දක්නට ලැබුණි. ඒ අනුව අද සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 263.98 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 20,619.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 69.27 කින් ඉහළ ගොස් ඒකක 5,868.11ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 185ක කොටස් මිල…

(0)Comments | September 16, 2025 4:50 pm

HBO Max ශ්‍රී ලංකාවට

ආසියා පැසිෆික් කලාපයේ නව වෙළෙඳපොල 14ක HBO Max සේවා දියත් කරමින් සිය ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් ඉදිරියට ගෙන යයි Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන HBO Max එළඹෙන ඔක්තෝබර් 15 වන දින සිට බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව නිවේදනය කර…

(0)Comments | September 16, 2025 4:45 pm